මල් වියන් අතුරා - සනුක වික්‍රමසිංහ | Mal wiyan athura - Sanuka Wickramasinghe - sinhala lyrics


මල් වියන් අතුරා
ආදරෙන්
ඔබ එනමග මා සරසන්නම්
කීවෙමී එදා
සෙනෙහේ සිතින්

නෑ හදේ තරහා
සිතන්නෙමි
ඔබෙ සිනහව අමතක ලන්නේනම්
කෙසේ කියා
සැමදා මෙසේ

සැලුනා ඉඳුරන් මගේ
තවමත් මතකයි ඒ සිහිනේ
අඩමානේ යෞවනයේ රැවටීලා
අදරින් අඳවීලා උන්නෙමී

මල් වියන් අතුරා
ආඩම්බරෙන්
ඔබ එනවග මා පවසන්නම්
කී වදන් එදා
බොඳවී ගිහින්

වාවන් නෑ සොවින් ඔබ හා
දෙඩූ දවස් මතකෙට නැගෙනා
හැම මොහොතකදී
හදේ සඟවා...ගෙන ඉන්නෙමි

සැලුනා ඉඳුරන් මගේ
තවමත් මතකයි ඒ සිහිනේ
අඩමානේ යෞවනයේ රැවටීලා
අදරින් අඳවීලා උන්නෙමී

හැරයන්නෑ මා කිසිදා
අප මැවු දිවි ගෙව් කතා
සුන්දර මතකයන් පවා
සැමදා රැදී තියෙයි මා හා

සැලුනා ඉඳුරන් මගේ
තවමත් මතකයි ඒ සිහිනේ
අඩමානේ යෞවනයේ රැවටීලා
අදරින් අඳවීලා උන්නෙමී //


ගායනය, සංගීතය, ගී පද - සනුක වික්‍රමසිංහ




වීඩියෝව ගත්තෙ මෙතනින් -SANUKA

Comments