කුවේණි - රිද්ම වීරවර්ධන, දිනූපා කෝදාගොඩ | Kuweni - Ridma Weerawardena, Dinupa Kodagoda - sinhala lyrics


කුවේණියේ මා කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා

සළුව අරන් ගෙට පලයන් කුමරිය
නැවක නැගී මරු එනවා කුමරිය

කුවේණියේ මා කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා

වියූ සලුව නොම හැරයන් කුවේණියේ
ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ
කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ
වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ

නිරිඳුන් නුබේ ආලේ නිසා
බොහො විපතක් වෙනා නොවඩින් සදා
මතු භවයේ මා හමුවන තුරා
ආලේ පසෙක ලා හිඳිමි මෙමා

සලුව අරන් ගෙට පලයන් කුමරිය
නැවක නැගී මරු එනවා කුමරිය

කුවේණියේ මා කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා


නිරිඳුන් නුබේ ආලේ නිසා
බොහො විපතක් වෙනා නොවඩින් සදා
මතු භවයේ මා හමුවන තුරා
ආලේ පසෙක ලා හිඳිමි මෙමා


ගායනය - රිද්ම වීරවර්ධන, දිනූපා කෝදාගොඩ
සංගීතය - චරිත අතලගේ
ගී පද - චන්ද්‍රසේන තලංගම




වීඩියෝව ගත්තෙ මෙතනින් - Ridma Weerawardena

මෙම ගීතයේ නිළ වීඩියෝව මෙතනින් බලන්න - Kuweni (කුවේණී) - Ridma Weerawardena ft. Dinupa Kodagoda | Charitha Attalage [Official Video]

Comments