උඩුගුවන යටින් - මිල්ටන් පෙරේරා | Uduguwana yatin - Milton Perera - sinhala lyrics


උඩුගුවන යටින්
මහ දෙරණ පිටින්
හැම මුවගින් පිටවන්නේ
අපේ ආදර කතන්දරේ
අපේ ආදර කතන්දරේ

පෙති ඇරෙන මලේ
දිය පිරෙන විලේ
මුළු දවසෙම පැවසෙන්නේ
අපේ ආදර කතන්දරේ
අපේ ආදර කතන්දරේ

වන විහඟ තුඩින් බට පඳුරු උඩින්
දස දිගතෙහි විහිදෙන්නේ //
අපෙ ආදර කතන්දරේ
අපෙ ආදර කතන්දරේ

උඩුගුවන යටින්
මහ දෙරණ පිටින්
හැම මුවගින් පිටවන්නේ
අපේ ආදර කතන්දරේ
අපේ ආදර කතන්දරේ

සිතිජය අතරේ ගං රළ පතරේ
එබිකම් කොට සැඟවෙන්නේ //
අපෙ ආදර කතන්දරේ
අපෙ ආදර කතන්දරේ

උඩුගුවන යටින්
මහ දෙරණ පිටින්
හැම මුවගින් පිටවන්නේ
අපේ ආදර කතන්දරේ
අපේ ආදර කතන්දරේ

පෙති ඇරෙන මලේ
දිය පිරෙන විලේ
මුළු දවසෙම පැවසෙන්නේ
අපේ ආදර කතන්දරේ
අපේ ආදර කතන්දරේ


ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
සංගීතය - මොහොමඩ් සාලි
ගී පද - කරුණාරත්න අබේසේකර




වීඩියෝව ගත්තෙ මෙතනින් - RedAnt Music


Comments