කන්ද උඩින් එන - ඩබ්ලිව්. ඩී. අමරදේව | Kanda udin ena - WD Amaradewa - sinhala lyrics


කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ
නළල් වටින්
එන දාඩිය මුතු කැටියේ

කන්ද උඩින් එන ගෝමරියේ
ඇයි මට පිටුපා ගෙට යන්නේ
ඇයි මට පිටුපා ගෙට යන්නේ
නළලේ දාඩිය මුතුපට පටලා
වලාකුළේ සුදු සේලය රැළි ලා

වලාකුළේ සුදු සේලය රැළි ලා
අත පාමුදු පය පාමුදු ලාගෙන
ළමැදේ ගෝමර මල් ගවසාගෙන
කන්ද උඩින් එන ගෝමරියේ

කන්ද උඩින් සඳවත පායන්නේ
සිනා කිරෙන් සඳ එළිය ගලන්නේ
ලැවුගිණි ගත් සිත එයිනි නිවෙන්නේ
රන් තැටියෙන් කිරි දියර දියන්නේ
කන්ද උඩින් එන ගෝමරියේ

කඳු පාමුල මිටියාවත වැතිරී
ඔබ එනතුරු මම හිඳිනෙමි තනිවී
ඈත ඉඳන් කඳු මුදුනට නැගලා
මා කැඳවන් ඔබ වෙත අත වනලා
කන්ද උඩින් එන ගෝමරියේ
ඇයි මට පිටුපා ගෙට යන්නේ
ඇයි මට පිටුපා ගෙට යන්නේ
නළලේ දාඩිය මුතුපට පටලා
වලාකුළේ සුදු සේලය රැළි ලා

වලාකුළේ සුදු සේලය රැළි ලා
අත පාමුදු පය පාමුදු ලාගෙන
ළමැදේ ගෝමර මල් ගවසාගෙන
කන්ද උඩින් එන ගෝමරියේ



ගායනය, සංගීතය - ඩබ්ලිව්. ඩී. අමරදේව
ගී පද - මහගමසේකර




වීඩියෝව ගත්තෙ මෙතනින් - Sinhala Songs

Comments