මතු පෙම් පුරන - බාචි සුසාන්, ඉන්දිකා උපමාලි | Mathu Pem Purana - Bachi Susan, Indika Upamali - sinhala lyrics



මතු පෙම් පුරන - නෙතු කැල්මන් සලන
ඉඟි සිත්තම් කරන ලෙසිනා..
නිසසල නිල් විලක - මෘදු පියුමක් විලස
හදවත් සුව දෙනා..

ලං ලං වේ..ද - වෙන් වෙන් වේ..ද
පෙම් සිත් පෑරිලා..
සංසාරේම අත්වේ..ද
පෙම් සිත් වෑ..හිලා

අප සිත් දවන - හද ගැස්මන් හැ‍‍ඟෙන
දුර යන්නයි පැතුම් පෙමිනා..
ලද හිස් කමට දුක කැන්දන් පොවන
වෙන කවුරුන් හඳුනනා..

නෙතු කඳුළු බිඳක සුසුම් විමසනා..
මෘදු කොපුල් සිඹින සියුම් හැඟුමිනා..
සිත බිඳක් නිවන වදන් පතමිනා..
අපි උතුම් පෙමක පැතුම් පිබිඳිනා...

මතු පෙම් පුරන...

කඳු මුදුන් පිසින පවන් විලසිනා..
හද හැඟුම් වලද පැතුම් ගැවසෙනා..
තරු නෙතක් මවන දසුන් සුවදෙනා..
සිත පෙමින් වෙලෙන තරම් නොදනිනා..

මතු පෙම් පුරන - නෙතු කැල්මන් සලන
ඉඟි සිත්තම් කරන ලෙසිනා..
නිසසල නිල් විලක - මෘදු පියුමක් විලස
හදවත් සුව දෙනා..
හද සොයමි සොඳුරු නවාතැනක් අපට පෑහෙනා...//

ගායනය : බාචි සුසාන්, ඉන්දිකා උපමාලි
පද රචනය : ෂෙහාන් ගලහිටියාව
සංගීතය : රංග දසනායක

උපුලී“ ටෙලිනාට්‍යයේ තේමා ගීතය


වීඩියෝව ගත්තෙ මෙතනින් - Chaturanga Magage

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...