දවසක් තියේවී - මිල්ටන් මල්ලවාරච්චි ‍| Dawasak Thiyewi - Milton Mallawarachchi - sinhala lyrics


දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කඳුලක් තියෙවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා

නටුවෙන් කඩලා මල විසිකළ විලසේ
වරදක් නැතත් මට ඔබ පිටුපෑ දවසේ
වල්මත් වුණා මා අසරණ පෙම් පියසේ
මට තාම නොදැනේ මොනවා වුණාදෝ
අප දෙදෙනාට ප්‍රියේ

දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කඳුලක් තියෙවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා

හිනැහෙනවා ඔබ මා හඬනා දවසේ
නැළවෙනවා ඔබ ඔහු හා රස පහසේ
ඔබටත් ලබාවී දවසක් මට වාගේ
මට තම නොදැනේ මොනවා වුණාදෝ
අප දෙදෙනාට ප්‍රියේ

දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කඳුලක් තියෙවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - ස්ටැන්ලි පිරිස්
ගී පද - අජන්තා රණසිංහ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika


Comments

  1. හිතට වැදුන සිංදුවක්

    ReplyDelete
  2. මට තාම නොදැනේ මොනවා උණදෝ
    අප දෙදෙනාට ප්‍රියේ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...