නිදි නැති රැය පුරාවට - සේනක බටගොඩ, සෙරීනා වීනස් බටගොඩ | Nidi nathi reya purawata - Senaka Batagoda, Serena Venus - sinhala lyrics


නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති
සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති
අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ
ඈතට පාවි පාවි ගිය හැටි මතකයි

ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන
කාලය තුල දිව යනවා
කල කී දේවල් පමණක් පසු පස වාගෙ දැනෙනව
සෙවනැල්ලක් වගේ

විටකදි නොසිතු දේ විටකදි ළඟා වෙති
එලෙසම සමහරක් දේවල් ඈත් වෙති
අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ
ඈතට පාවි පාවි ගිය හැටි මතකයි

ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන
කාලය තුල දිව යනවා
කල කී දේවල් පමණක් පසු පස වාගෙ දැනෙනව
සෙවනැල්ලක් වගේ //


ගායනය - සේනක බටගොඩ, සෙරීනා වීනස් බටගොඩ
සංගීතය, ගී පද - සේනක බටගොඩ



වීඩියෝව ගත්තෙ මෙතනින් - Senaka Batagoda

Comments

  1. ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන
    කාලය තුල දිව යනවා
    කල කී දේවල් පමණක් පසු පස වාගෙ දැනෙනව
    සෙවනැල්ලක් වගේ....

    ReplyDelete
    Replies
    1. විටකදි නොසිතු දේ විටකදි ළඟා වෙති
      එලෙසම සමහරක් දේවල් ඈත් වෙති
      අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ
      ඈතට පාවි පාවි ගිය හැටි මතකයි

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...