හඬනා තරම් - සේනානායක වෙරලියද්ද | Handana Tharam - Senanayaka Weraliyadda - sinhala lyrics


හමුවුනු තැනින් වෙන් වෙන්න නම්..
ඇයි ලංවුනේ ඇපි මේ තරම්..
වාවන්නේ නෑ මේ හිත මගේ..
මතකෙන් ඔබේ දැවෙනා තරම්..
එකට එක්වී දුටුව සිහිනේ..
මඟින් නවතා ඔබයි හැරුනේ..
අදහන්න බෑ..හැරයන්නෙ ඔබම ද කියා..

හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නෙ නෑ ඔබ දනී නම්..
හඬනා තරම් මේ හිත මගේ..
හැරයන්නෙ නෑ ඔබ දනී නම්..

හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න
මතු මතුත් හැම භවේ..
වැටුනු මගෙ හිතට දිරිය දුන් ඔබම
යන්නෙ ඇයි මේ වගේ..

හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නෙ නෑ ඔබ දනී නම්..//

යනෙන හැම තැනම පසුපසින් ඇවිද
දිනුම දුන් මගෙ පන මගේ..
නැවත පැමිණේවි මටම හිමිවේවි
කියනවා හිත මගේ..

හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නෙ නෑ ඔබ දනී නම්..//

හමුවුනු තැනින්...

ගායනය : සේනානායක වෙරලියද්ද
පද රචනය : යූ. පී. ප්‍රවීශ්
සංගීතය : උදාර සමරවීර


වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV Music

Comments