සිතුම් පැතුම් සඳ ආදරේ - ජෝතිපාල, ඇන්ජලින් | Sithum pathum sanda adare - Jothipala, Anjalin - sinhala lyrics


සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ //
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේවා
මහදේ සොඳුරු අහසේ අනාගතේ

පැණි සොයමින් බඹරුන් එනවා
පැණි බී යළි උන් ඉගිලෙනවා
පැණි සොයමින් බඹරුන් එනවා
පැණි බී මල වට ඉගිලෙනවා

තනි වුණු කතරක මා ඉන්නේ
කෙළෙසද පිය මැන පිටවන්නේ
තනි වුණු කතරක මා ඉන්නේ
ඔබ සමගිනි මා පිටවන්නේ

සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේවා
මහදේ සොඳුරු අහසේ අනාගතේ

හදවත විල් දිය චංචල වේ
ගැඹුරට මගෙ නෙත සිත යොමුවේ
හදවත විල් දිය චංචල වේ
ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ

සැතපෙන කල දුටු නිදි යහනේ
එළි වෙයි දෝ මේ දුටු සිහිනේ
සැතපෙන කල දුටු නිදි යහනේ
එළිවෙනවා රෑ දුටු සිහිනේ

සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේවා
මහදේ සොඳුරු අහසේ අනාගතේ

මහදේ සොඳුරු අහසේ අනාගතේ ///


ගායනය - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්

අබිරහස ( 1971) චිත්‍රපටියෙන්වී




ඩියෝව ගත්තෙ මෙතනින් - Premakeerthi Gee

Comments

  1. අපි පොඩි කාලේ සින්දුවක්.

    අබිරහස මං හිතන්නේ ජේම්ස් හැඩ්ලි චේස් ගේ කතාවක් ඇසුරෙන් දයා රාජපක්‍ෂ ඇඳපු චිත්‍රකතාවකින් හදපු චිත්‍රපටියක්!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...