නිම් හිම් සෙව්වා - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව | Nim Him Sewwa - W.D.Amaradewa - sinhala lyrics


නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ
ළං වී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ

දි‍වියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළයගින් සනහා අපමයි තැවුනේ
අතරින් පතරේ වියැකීලා
ඔබ මා නෙතගේ රැඳුනා

නිම් හිම් සෙව්වා ...

ඉර හද සේ මා පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
ජන්මෙන් ජන්මේ රැවුදීලා
සටනින් අද මා දිනුවා

නිම් හිම් සෙව්වා ...

ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය : ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය : නිමල් මෙන්ඩිස්

මැණික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ "සීතාදේවී (1970)" චිත්‍රපටයේ ගීතයක්


වීඩියෝව ගත්තෙ මෙතනින් - Dr196903

Comments

  1. හැමදාමත් පෝස්ට් එක බලනවා. "මේ පොඩි ලස්සන බෝනික්කා" ගීතයත් ඉදිරියේ දානවනම් වටිනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. paeplerXhaunu-1995 Christian Blasko click here
    vinkerzdissa

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...