රෝස කල්පනා - සංඛ දිනෙත් | Rosa Kalpana - Sanka Dineth - sinhala lyrics


රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා..
හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා..
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා..
ආදරේට හේතු ගේන ආදරී ඔයා...//

දෑස දෑස රහසේම සංවේදී වීලා..
නෑ ආයේ සංසාරේ සීමා..
ඈත මෑත අහසේ ද රූ ඡායා පායා..
මේ මාගේ සෘංගාරී පේනා..
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා..
ආදරේට හේතු ගේන ආදරී ඔයා..

රෝස කල්පනා...

ආයේ ආයේ සිතූ සේම ලංවීලා මා හා
ඈ පෑවේ ගිම්හානේ ආශා..
රෝස දෑත සසරේම හැමදාම ඕනා
වෑහීලා මනසේම සේයා..
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා..
ආදරේට හේතු ගේන ආදරී ඔයා..

රෝස කල්පනා...

ගායනය : සංඛ දිනෙත්
පද රචනය : ශෙහාන් ගලහිටියාව
සංගීතය : සංඛ දිනෙත්


වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music 

Comments

  1. මගෙ අයියගේ Vedin එක දවසෙ ඔයාගෙ song එක තමයි දැම්මෙ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...