සොඳුරු අතීතයේ - ටී.එම්.ජයරත්න | Soduru Athithaye - T.M.Jayarathne - sinhala lyrics


සොඳුරු අතීතයේ නිමල පැතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඇති...
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇති...//

කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද
භවය පුරා ලඟ ඉන්න ඇති..
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇති..

සොඳුරු අතීතයේ...

නොසැලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇති...
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමුවෙන්න ඇති...

සොඳුරු අතීතයේ...

ගායනය : ටී.එම්.ජයරත්න
පද රචනය : මාලනී ජයරත්න
සංගීතය : රෝහණ වීරසිංහ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Derana Videos

Comments