සොයා දියව් මට - ප්‍රදීපා ධර්මදාස | Soya Diyaw Mata - Pradeepa Dharmadasa - sinhala lyrics


සොයා දියව් මට සරණක්
මා අතගන්නට - පෙරුම් පිරූ යෞවනයන්
දකුණේ දී - උතුරේ දී
මරා දැමූයේ...
තෙපි නොවේද පව්කාරයිනේ

නීල වරල මතුවන නර කෙස් ගනිමි..
බාල සුවඳ ආලේපන ගෙන උලමි..//
දෙතන එරෙන කිරි - දොවා ඉවතලමි..//
තෙපිටයි ඒ ශාපේ - පව්කාරයිනේ..

සොයා දියව්..

මැලෙවේ නෙතු මහනෙල් නා දලු දෙතොලේ
ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ..//
හදෙහි නැගෙන ගිණි - කඳුලින් ඉවසමි..//
තෙපිටයි ඒ පාපේ - පව්කාරයිනේ..

සොයා දියව්..

ගායනය : ප්‍රදීපා ධර්මදාස සමඟින්
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : රෝහණ වීරසිංහ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Pathum Harshana

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...