සඳේ එන්නම් ඔබේ ලෙනටා - රූපා ඉන්දුමතී | Sande ennam obe lenata - Roopa Indumathi - sinhala lyrics


සඳේ එන්නම් ඔබේ ලෙනටා
සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා කිරෙන් දොවලා
දමන්නම් මල් දමක් ගොතලා //
සඳේ එන්නම් ඔබේ ලෙනටා

මගේ සෝතාප සංකාවෝ
නිවාලා දෙන්න මා සමිඳේ //
පුෂ්පයන් මාරුතේ ගිලිලා
මැරී යයි කා හටත් නොකියා
මැරී යයි කා හටත් නොකියා

සඳේ එන්නම් ඔබේ ලෙනටා
සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා කිරෙන් දොවලා
දමන්නම් මල් දමක් ගොතලා
සඳේ එන්නම් ඔබේ ලෙනටා

මලානික මාගෙ හඳ අඹරේ
දිලේවා පුන් සඳක් විලසේ //
රන් විලේ සෞම්‍ය හඳපානේ
මැවේ ඡායා මගේ හර්දේ
මැවේ ඡායා මගේ හර්දේ

සඳේ එන්නම් ඔබේ ලෙනටා
සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා කිරෙන් දොවලා
දමන්නම් මල් දමක් ගොතලා //
සඳේ එන්නම් ඔබේ ලෙනටා


ගායනය - රූපා ඉන්දුමතී
සංගීතය - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු (හින්දි ගීයක් ඇසුරින්)
ගී පද - කරුණාරත්න අබේසේකර/ ලක්ෂ්මන් රොඩ්‍රිගෝ (තහවුරු කර නැත)





වීඩියෝව ගත්තෙ මෙතනින් - Periwinklelk(ApArnA)

Comments

  1. මේ ගීතය විශාල ජනප්‍රියත්වයක් ලැබුවා. ගුවන්විදුලි සරල ගීතයක් වශයෙන්, ඒ කාලයේ නිතර අහන්න ලැබුණා. ගීතය මෙතරම් ජනප්‍රිය වන්නට හේතුවුණේ, මෙහි තනුව, 1964 වර්ෂයේ තිරගතවූ, 'ලව් ඉන් ටෝකියෝ' නමැති හින්දි චිත්‍රපටියේ, ලතා මංගේෂ්කාර් ගයන ගීතයක තනුව ආශ්‍රිතව සැකසුන නිසයි. මේ තියෙන්නේ ඒ මුල් ගීතයයි.

    https://www.youtube.com/watch?v=2kUMcpeOY7E

    ReplyDelete
    Replies
    1. මේ එකතු කිරීමට බොහොම ස්තූතියි ඔබතුමාට! :-)

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...