සඳ මුවා වෙලා වැහි වලාවකින් - සංගීත් වික්‍රමසිංහ | Sanda muwa wela - Sangeeth Wickramasinghe - sinhala lyrics



සඳ මුවා වෙලා වැහි වලාවකින්
වාගෙයි ඔබෙ වත මේ ගිණි ධන කතරේ
ඔබ සැඟවී හෙලනා මුදු සිනා කැළුම්
සදා නිදන් වූ සුසුමෙකි හද පතුලේ //

ඉර හඳ විතරද කැළුම් දකින්නේ
මැදුරට රිංගා කවුළු දොරින්
මටත් හිතයි එන්නට සඳ රැස් අතරින්
හෙට සිඳුණත් මාගෙ ගෙල අසිපතකින්

සඳ මුවා වෙලා වැහි වලාවකින්
වාගෙයි ඔබෙ වත මේ ගිණි ධන කතරේ
ඔබ සැඟවී හෙලනා මුදු සිනා කැළුම්
සදා නිදන් වූ සුසුමෙකි හද පතුලේ

සුර කුමරිය ඔබ මේ සහරාවේ
හිම වත හංගා කළු සළුවෙන්
අණ දුන් දෙවියන්ටත් එය නොඇසේනම්
ඔබ හඬනා හඬ ලොවට හොරෙන්

සඳ මුවා වෙලා වැහි වලාවකින්
වාගෙයි ඔබෙ වත මේ ගිණි ධන කතරේ
ඔබ සැඟවී හෙලනා මුදු සිනා කැළුම්
සදා නිදන් වූ සුසුමෙකි හද පතුලේ //


ගායනය, සංගීතය - සංගීත් වික්‍රමසිංහ
ගී පද - දයානන්ද කුමාරසිරි




වීඩියෝව ගත්තෙ මෙතනින් - නීල කණ්ඨ


Comments

  1. ගිණි ධන යන්න ගිනි දන විය යුතුයැයි සිතේ
    ඔබගේ මෙහෙවර අගයමි

    ReplyDelete
    Replies
    1. මෙතන ධන කියන්නේ ධනය නෙවෙයිද?

      Delete
  2. සුර කුමරිය ඔබ මේ සහරාවේ
    හිම වත හංගා කළු සළුවෙන්
    හද දුන් දෙවියන්ටත් එය නොඇසේනම්
    ඔබ හඩනා දුක ලොවට හොරෙන්

    මේ පද ටිකත් තියෙනවා නේද මේ සින්දුවේ ?

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. යූ ටියුබ් තියෙන සින්දුවෙත් ඒ ටික නෑ... ස්තූති වේවා පෙන්නල දුන්නට. ඔන්න එකතු කලා :-)

      Delete
    2. ස්තුති වේවා.:-)

      Delete
    3. අණ දුන් දෙවියන්ටත්

      ඔබ හඩනා හඩ ලොවට හොරෙන්

      Delete
    4. හැදුවා... ස්තූතියි!

      Delete
  3. ඉර හඳ විතරද කැළුම් දකින්නේ
    මුදුරට රිංගා කවුළු දොරින්
    මටත් හිතයි එන්නට සඳ රැස් අතරින්
    හෙට සිඳුණත් මාගෙ ගෙල අසිපතකින්

    මුදුරට රිංගා නෙවෙයි..
    මැදුරට නේද...?

    ReplyDelete
    Replies
    1. වැරදීමක්! පෙන්නුවාට ස්කූති වේවා!

      Delete
  4. අණ දුන් දෙවියන්ටත් එය නොඇසේනම්
    ඔබ හඬනා හඬ ලොවට හොරෙන්


    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...