පුංචි කාලේ අපි - බන්දුල විජේවීර ‍| Punchi Kale Api - Bandula Wijeyweera - sinhala lyrics


පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
පැංචියෙ මට මතකයි...
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉරහඳ වගෙ මතකයි...//

ඉන්දුමතී නුඹෙ ලස්සන හැඬ රුව
මගේ හිතේ ඇදිලා..//
රුවට රුවක් නැත නුඹෙ රුව වාගේ
මෙච්චර කල් දැකලා..//

පුංචි කාලේ අපි...

නැන්දලා මාමලා කඳමළු අරගෙන
එනවාලු ලේලි බලන්..//
ඇවැස්ස නෑකන් කියාන ආදෙන්
බහක් නොදී ඉදපන්...//

පුංචි කාලේ අපි...

රංචු පිටින් නුඹ කැන්දන් යන්නට
ඒවී නොයා ඉදපන්..//
මංගල මොහොතට තැලිපිලි අරගෙන
ලඟදිම මං එන්නම්..//

පුංචි කාලේ අපි...

ගායනය : බන්දුල විජේවීර
පද රචනය : චන්ද්‍රදාස රාජපක්ෂ
සංගීතය : බන්දුල විජේවීර



වීඩියෝව ගත්තෙ මෙතනින් - Derana Videos

Comments