මඟ බල බලා ඇතිය මගෙ සුදා - ධර්මදාස වල්පොල | Maga bala bala - Dharmadasa Walpola - sinhala lyrics


මඟ බල බලා ඇතිය මගෙ සුදා
සුකොමළ සිරියා ප්‍රේමෙන් සනසන්නටා
අඳුරට පෙර යමි ලහි කරලා //

පිපි මල වගේ වුවන දිලිසෙනා
ප්‍රේම සුගන්දේ දස අත විහිදා //
ඒ පෙම් කුසුමේ මධු රස උරනා
බිඟු රජ ලෙස මම යමි පියඹා

මඟ බල බලා ඇතිය මගෙ සුදා
සුකොමළ සිරියා ප්‍රේමෙන් සනසන්නටා
අඳුරට පෙර යමි ලහි කරලා

මා ප්‍රේම රැජිනී මා දුටු විගසිනී
ලැජ්ජාවේ සැඟවී ඉඟි බිඟි පාවී //
නාඹර දෙතොලේ පෙම් පැණි ඉතිරේ
රොන් ගන්නට බිඟු ලෙස යමි පියඹා

මඟ බල බලා ඇතිය මගෙ සුදා
සුකොමළ සිරියා ප්‍රේමෙන් සනසන්නටා
අඳුරට පෙර යමි ලහි කරලා

බැඳි සෙනහසේ ළදරු වයසෙදී
වැඩුණි හදේ දින දින මෝරා //
ඒ සිරියාවී මාගෙ මනාලී
දකිනට බිඟු ලෙස යමි පියඹා

මඟ බල බලා ඇතිය මගෙ සුදා
සුකොමළ සිරියා ප්‍රේමෙන් සනසන්නටා
අඳුරට පෙර යමි ලහි කරලා //


ගායනය - ධර්මදාස වල්පොල
සංගීතය - ආර්. මුත්තුසාමි
ගී පද - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
‘රම්‍යලතා‘ 1956 චිත්‍රපටියෙන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Dr196903

Comments