අජානේය ස්කූටර් - කරුණාරත්න දිවුල්ගනේ | Ajaneya Scooter - Karunarathna Diwulgane - sinhala lyrics


අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙඋර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුණා //

සූ සැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා
පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා
මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා

අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙඋර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුණා

සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා

අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙඋර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුණා //


ගායනය – කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය – රෝහණ විරසිංහ
ගී පද – රත්න ශ්‍රී විජේසිංහ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Dileepa Godage

Comments

  1. //මා ගත ඩා බිඳු හඳුනා තදය සිනා නගනා//

    සදය සිනා
    සදය = සරදම්

    ReplyDelete
    Replies
    1. පොඩි නිවැරදි කිරීමක්. හරි වචනේ 'සදය' තමයි. හැබැයි වචනේ තේරුම 'දයාව සහිත' කියන එක. නිර්දය කියන එකේ විරුද්ධ පදය. මෙතනදී සදය කියන එකෙන් නිකං අනුකම්පා සහගතව සිනාසෙනවා කියලා කියන්න පුළුවන්.

      Delete
  2. ස්තූති වේවා... :-)

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...