සියොතුන් ඉගිල ගියා - රෝහණ බෝගොඩ | Siyothun igila giya - Rohana Bogoda - sinhala lyrics


සියොතුන් ඉගිල ගියා
මල් පිරි සමය නිමා වී //
ඔබ රිදවා දී වේදනා
නෑ මා ඈ වෙත පෙම් බැන්දේ

සියොතුන් ඉගිල ගියා
මල් පිරි සමය නිමා වී

දිවි කුසලානයෙ මී පුරවා
යෙහෙලියෙ ඔබ මට ගෙන ආවා //
දුරු කතරේ ඈ ඇසුරේ
සිත නෑ කිසිදා රැඳුණේ

සියොතුන් ඉගිල ගියා
මල් පිරි සමය නිමා වී //

වියැලුණු දෑසින් කඳුළු දියේ
කෙම් බිම සොයනා මේ ගමනේ //
ඔබ හඬවා නෑ හිනැහී
හෙට මා ඔබගේ සෙවණේ

සියොතුන් ඉගිල ගියා
මල් පිරි සමය නිමා වී //
ඔබ රිදවා දී වේදනා
නෑ මා ඈ වෙත පෙම් බැන්දේ

සියොතුන් ඉගිල ගියා
මල් පිරි සමය නිමා වී


ගායනය - රෝහණ බෝගොඩ
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - රොඩ්නි විදානපතිරණ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Kanchana De Seram

Comments

  1. හරිම සුන්දර ගීයක් , බොහොම ස්තුතියි කාළෙකට පස්සෙ මේ ගීයේ රස විඳින්නට අවස්ථාවක් ලබා දුන්නාට

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...