පියුමෙහි පැණි බොති වන බඹරු - සී.ටී. ප්‍රනාන්දු | Piyumehi pani bothi wana bambaru - CT Fernando - sinhala lyrics


පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැඳෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙන හිරු

කුසගිනි හැදුනට ඉඳල් නොකව්
කණකොළ නොබුදිති සිංහ පැටව් //
හොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ
තල තෙල් නොදමයි රන් බඳුණේ //

පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැඳෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙන හිරු

ගැයුවට ඉමිහිරි පද උපුටා
කොවුලෙකු වෙනවද කළු කපුටා //
සුදු පැහැ හැරියේ කවුද කිරේ
මුතු නොබඳියි ගිරවියගෙ කරේ

පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැඳෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙන හිරු //


ගායනය - සී.ටී. ප්‍රනාන්දු
තනුව - සී.ටී. ප්‍රනාන්දු
ගී පද - කරුණාරත්න අබේසේකර




වීඩියෝව ගත්තෙ මෙතනින් - C.T. Fernando

Comments