එකම මගක පියවර මැන යන්නයි - පුන්සිරි සොයිසා | Ekama magaka piyawara mena yannai - Punsiri Soyza - sinhala lyrics


එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක සෙවනැළි පැටලෙන්නයි
සෙනේ දියෙන් මීවිත පිරවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි

වැලේ පිපුණු මල නොවේ වැලට බර
බිඟුන් සරාවී බැලුම් හෙලා
හිතේ රැඳුණු පෙම් නොම දෙන් රටකට
හිතේ රැඳුණු පෙම් නොම දෙන් රටකට
මගේ ලොවින් පිට නොයන් පලා
මගේ ලොවින් පිට නොයන් පලා

එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක සෙවනැළි පැටලෙන්නයි
සෙනේ දියෙන් මීවිත පිරවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි

මගේ ලොවට සඳ ඔබේ සිඟිති මුව
අගින් එබේවී හැඟුම් මවා
ඔබේ පිනට මතු මගේ ගෙපැල ළඟ
ඔබේ පිනට මතු මගේ ගෙපැල ළඟ
කුසුම් පිපේවා පවන් සලා
කුසුම් පිපේවා පවන් සලා

එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක සෙවනැළි පැටලෙන්නයි
සෙනේ දියෙන් මීවිත පිරවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි


ගායනය - පුන්සිරි සොයිසා
තනුව හා සංගීතය - ආනන්ද ගමගේ
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Sri Lankan Videos Official YouTube Channel

Comments