අහස් ගැඹේ තරුකැට ගානේ - චරිතා ප්‍රියදර්ශනී පීරිස් | Ahas Gabe Tharuketa Gane - Charitha Priyadarshani Peiris - sinhala lyrics


අහස් ගැඹේ තරු කැට ගානේ..
පොළෝතලේ වැලි කැට ගානේ..
නිල් සයුරේ රළ පෙළ ගානේ..
ආදරෙයි මං ආදරෙයි..//

වඳුළු සිරස පිපි මල්ගානේ
විහඟ තුඩක කිචි බිචි ගානේ..//
සිහිල සිඹින මදනල ගානේ
ආදරෙයි මං ආදරෙයි..

අහස් ගැඹේ තරුකැට...

පිපෙන මියෙන හිරු සඳු ගානේ
සිතෙහි පිරෙන සිතිවිලි ගානේ..//
සිහින ගෙනෙන හැම රෑ ගානේ..
ආදරෙයි මං ආදරෙයි..

අහස් ගැඹේ තරු කැට...

ගායනය - චරිතා ප්‍රියදර්ශනී පීරිස්
සංගීතය - ගුණදාස කපුගේ
ගී පද - රඹුකන සිද්ධාර්ථ හිමි




වීඩියෝව ගත්තෙ මෙතනින් - LankaMusicTube

 

Comments