ඔබ මා සමඟ අතිනත - ඩබ්ලිව්. ඩී. අමරදේව | Oba Ma Samaga Athinatha - W.D.Amaradewa - sinhala lyrics


ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස

වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබදින කිරලා හඬා වැටෙයි
නොකිවූ රහස හද උතුරා වාන් දමයි
මතකයේ සුවඳ තවමත් මා සිතට ඇනෙයි

ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස

ගායනය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව

වීඩියෝව ගත්තෙ මෙතනින් - jasonsociety

Comments

  1. විඩියෝ එකේ තියෙන්නේ වෙන සිංදුවක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ...පොඩි වැරදීමක්..වෙනස් කලා.

      Delete
  2. පෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
    පාළුව ලුහුබදින කිරලා හඬා වැටෙයි
    නොකිවූ රහස හද උතුරා වාන් දමයි
    මතකයේ සුවඳ තවමත් මා සිතට ඇනෙයි

    ReplyDelete
  3. පෑ දිය නිල්ල ද ?
    වෑ දිය නිල්ල ද ?

    ReplyDelete
    Replies
    1. වෑ දිය නිල්ල!
      හැදුවා! ස්තූති වේවා!

      Delete
  4. Me geethaye theruma pahedili kranna puluwanda

    ReplyDelete
  5. Ane.. Matath me geethaye theruma pehadili karala denna puluwanda..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...