මුහුද හඬන වෙලාවේ - මධුමාධව අරවින්ද | Muhuda handana welawe - Madhumadhawa Aravinda - sinhala lyrics


මුහුද හඬන වෙලාවේ
වෙරළේ තනියේ මේ යාමයේ
මම නාඳුනන ඈ කාගෙදෝ
තනිව හඬන ඈ කවුරුදෝ //

මෙලෙස තනි වෙලා
ඔබ කවුරුදැයි කියා
පවසන්න පැකිලෙන්නෙපා
කඳුළු පිස දමා
ඔය මුහුණ පෙන්නලා
හිනැහෙන්න හසරැල් මවා

මුහුද හඬන වෙලාවේ
වෙරළේ තනියේ මේ යාමයේ
මම නාඳුනන ඈ කාගෙදෝ
තනිව හඬන ඈ කවුරුදෝ

සිතිජ ඉමව්වේ
දුර ඈත දනව්වේ
මුසුවේවි සංකා ඇගේ
ඈ හෙලන කඳුළැලි
මුහුදටම යා වෙවී
මුහුද හඬයි ඈ හා බැඳී

මුහුද හඬන වෙලාවේ
වෙරළේ තනියේ මේ යාමයේ
මම නාඳුනන ඈ කාගෙදෝ
තනිව හඬන ඈ කවුරුදෝ //


ගායනය - මධුමාධව අරවින්ද
සංගිතය - රෑකාන්ත ගුණතිලක



වීඩියෝව ගත්තෙ මෙතනින් - ananmananlk

Comments