සඳළුතලේ ඔබ සිටියා බලා - මිල්ටන් මල්ලවාරච්චි | Sandaluthale oba sitiya bala - Milton Mallawarachchi - sinhala lyrics


සඳළුතලේ ඔබ සිටියා බලා
ඈත තියා මම දුටුවා
අසු පිට එන සඳ ඔබ දැකගන්නට
තවත් සඳක් දෝ මට සිතුණා

ඔබ මා සතු නම් වෙන සැප කුමටද
ම සිත සැලෙයි ඔබ දුටුව පැයේ
පුලින තලාවට ඇඳිරි වෙලාවක
සිතුවිලි කුටියේ සිහින රැයේ

රජ මැදුරක ඔබ සැතපෙන යහනක
සුව පහසුව නැත මගෙ කුටියේ
එනමුදු ඔබහට බැඳි මා සෙනෙහස
දිවි ඇති තුරු මා හදෙහි තියේ

සඳළුතලේ ඔබ සිටියා බලා
ඈත තියා මම දුටුවා
අසු පිට එන සඳ ඔබ දැකගන්නට
තවත් සඳක් දෝ මට සිතුණා


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන




වීඩියෝව ගත්තෙ මෙතනින් - LankaMP3

Comments