මං නුඹෙම ද අහන හිතින් - ජගත් වික්‍රමසිංහ | Man Nubemada - Jagath Wickramasinghe - sinhala lyrics


මං නුඹෙම ද අහන හිතින්..
නුඹ මගෙමද හිතනවානම්..
මං විතරද අහන මුවින්..
මගෙ විතරද කියනවා නම්..

සාගරේ හඬ දිගේ..
මේ ගඟ ගලනවානම්..
මං නුඹේ නුඹ මගේ..
අපි අපේ විතර නම්..

සද අහසට රළු පොළව දුරයි කියනවා..
එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා..
කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවානම්..
අපි ගැන දන්නා කවුරුත් තව නෑ..
අපි අපේ විතර නම්...//

මං නුඹෙම ද අහන හිතින්..
නුඹ මගෙමද හිතනවානම්..
මං විතරද අහන මුවින්..
මගෙ විතරද කියනවා නම්..

සාගරේ හඬදිගේ..
මේ ගඟ ගලනවානම්..
මං නුඹේ නුඹ මගේ..
අපි අපේ විතර නම්.. //


ගායනය - ජගත් වික්‍රමසිංහ
පද රචනය - රඛිත වාකිෂ්ඨ
සංගීතය - තිලිණ රුහුණගේ


වීඩියෝව ගත්තෙ මෙතනින් - sarigama lk

Comments

  1. # මං නුඹේ නුඹ මගේ...

    # එක ඉවුරේ දෙතැනක ඇයි, අහනවා...

    # කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම්...

    ReplyDelete
    Replies
    1. නිවැරදි කලා. බොහොම ස්තූතියි!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...