එපා තවත් ඔබ මා රවටන්නට - වසන්තා තිලකාංගනී | Epa tawath oba ma rawatannata - Wasantha Thilakangani - sinhala lyrics


එපා තවත් ඔබ මා රවටන්නට
ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්..
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී..

තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ
නිලියක වනු පල නෑ...
ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත්
එහි මහරුත ඔබ තව වටහාගෙන නෑ...

එපා තවත් ඔබ මා...//

මිරිඟු දිය සොයා මුවැත්තියක විලසේ
තවදිව යනු රිසි නෑ...
අවසන් පෙම් කඳුලක් පුද දුන් පසු
ඔබට පුදන්නට මා ලඟ සෙනෙහස නෑ...

එපා තවත් ඔබ මා...//


ගායනය - වසන්තා තිලකාංගනී
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - බන්දුල නානායක්කාරවසම්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Lanka Vid

Comments