දෑසේ කතාවෙන් - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි | Dase kathawen - Chandrasena Hettiarachchi - sinhala lyrics


දෑසේ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා

නිමවූ කතාවන් ගොළු වී තියේ
දෙනෙතේ මැවේ ඔබේ හසරැලි සිතේ
කඳුලක් වුණා ඔබේ
සෙනෙහේ මගේ ලොවේ

දෑසේ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා

අද හෝ හෙටින් හෝ මතු කවර දා
තනි වූවොතින් ලොවේ ඔබෙ කල්පනා
පිළිගන්නෙමි සදා
මා ඔබෙම වේ එදා

දෑසේ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා

පර වී ගියේ නෑ මගෙ චේතනා //



ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
සංගීතය - නිහාල් ගම්හේවා
ගී පද - බන්දුල ජයසිංහ





වීඩියෝව ගත්තෙ මෙතනින් - sisira koggalahewa

Comments

  1. මට අනුව නම් චන්ද්‍රසේනගේ ජනප්‍රියම ගීතය "යෙහෙලියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින්" වෙලාවක ඒකත් දාන්න

    ReplyDelete
  2. ගම්හේවා ගායක රැල්ලක් හදල අද කවුරුත් අමතක කරපු සම්පතක්...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...