සුපිපෙන මලකින් - අමිතා වැදිසිංහ | Supipena malakin - Amitha Wedisinghe - sinhala lyrics


සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා //

වැල්ල සිපගෙන ආදරේ
රැල්ල පෙරළේ සාගරේ //
නැද්ද බඹරෝ මා කෙරේ
මුලදි පිදු ඒ ආදරේ //

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා

වනේ මලකට ළංවෙලා
රහස් හෙමිහිට කොඳුරලා //
සීත සුළඟේ සැරි සරා
පාමි පෙම් රැඟුමක් නුරා //

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා //


ගායනය - අමිතා වැදිසිංහ
සංගීතය - වික්ටර් දළුගම
ගී පද - හේම ශ්‍රී ද අල්විස්



වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

Comments