පතනා දේ සුන් වේ නම් - එච්.ආර්. ජෝතිපාල | Pathana de sun we nam - HR Jothipala - sinhala lyrics


පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන් //

සුළු මොහොතක අපි සැනසෙන්නේ
යළි මහමෙර සේ දුක්‌ වන්නේ
කිසිවක්‌ නෑ සදහට රැඳුණේ
ජීවය තණ අග පිණි බිඳුවේ //
මේ සෑමදේම සිහිනයකි
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්

පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්

ලොව සුන්දර දේ නොපෙනේ නම්
දෑසක්‌ කුමකට ලැබුණාදෝ
මිහිරක් සවනට නොදැනේ නම්
දෙසවන් කුමකට ලැබුණාදෝ //
මේ සෑමදේම සිහිනයකි
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්

පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්
බලන් සිත් යොමන්


ගායනය - එච්.ආර්. ජෝතිපාල
සංගීතය - සරත් වික්‍රම
ගී පද - තිස්ස ඩයස්

1982 සනම් තෙරි කසම් හින්දි චිත්‍රපටියට කිෂෝර් කුමාර් ගැයූ 'කිත්නෙ බි තු කාර් ලෙ සිතම්' ගීතයේ තනුව ඇසුරිනි.




වීඩියෝව ගත්තෙ මෙතනින් - Priyantha De Silva

Comments