සමාව ඉල්ලා හඬා වැටෙන්නද - ලක්ෂ්මන් විජේසේකර | Samawa Illa Hada Watennda - Lakshman Wijesekara - sinhala lyrics


සමාව ඉල්ලා හඬා වැටෙන්නද
ඔබ ආදරය කලේ..
පරාද කර මා හද රිදවන්නද
ඔබ ආදරය කලේ...
ඔබ ආදරය කලේ...//

තරු නැති කළුවර පාළු අහස් ගැබ
පුරා හදක් සේ පායා ආ ඔබ..//
ඇයි මා අතැර ගියේ..

සමාව ඉල්ලා...

ඔබේ පෙමට වෙන්වූ මා හදවත
හඳුනන්නට බැරිවී දෝ ඔබ හට...//
ඇයි මා අතැර ගියේ..

සමාව ඉල්ලා...

ගායනය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : බුද්ධදාස ගලප්පත්ති
සංගීතය : සෝමපාල රත්නායක


වීඩියෝව ගත්තෙ මෙතනින් - dilina weerawardana 2



Comments

  1. තරු නැති කළුවර පාළු අහස් ගැබ
    පුරා හදක් සේ පායා ආ ඔබ..//
    ඇයි මා අතැර ගියේ..

    මේ කොටසට මාර විදිහට ආසයි :)

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...