මිහිලියගේ තුනු සපුව පුරා - ඩබ්ලිව්. ප්‍රේමරත්න | Mihiliyage thunu sapuwa pura - W Premarathna - sinhala lyrics


මිහිලියගේ තුනු සපුව පුරා
විහිදුනු පියයුරු යුවල නෙරා
මිහිදුම් සළුවෙන් ජයට ඔතා
ඉඟි බිඟි පාමින් කියන කතා //

සිසිල ගෙන එන මාරුතේ
ලොවම අමතක වී යතේ //
රසය දෙන මුදු මීවිතේ
මිරිඟුවකි මනු ජීවිතේ

මිහිලියගේ රූ සපුව පුරා
විහිදුනු පියයුරු යුවල නෙරා
මිහිදුම් සළුවෙන් ජයට ඔතා
ඉඟි බිඟි පාමින් කියන කතා

එක ම තැනකින් බිහි වෙලා
ගලන ගඟ යයි වෙන් වෙලා //
අප ද සිටියට ළං වෙලා
බෙදෙනු ඇත වී මං මුලා

මිහිලියගේ රූ සපුව පුරා
විහිදුනු පියයුරු යුවල නෙරා
මිහිදුම් සළුවෙන් ජයට ඔතා
ඉඟි බිඟි පාමින් කියන කතා //


ගායනය - ඩබ්ලිව්. ප්‍රේමරත්න
සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන
ගී පද - කරුණාරත්න අබේසේකර
‘මිරිඟුව‘ චිත්‍රපටියෙන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Dinusha Nilantha

වඩා හොඳ ශ්‍රවණ තත්ත්ව සහිත අනුවාදයක් මෙතනින්

Comments

  1. අපෙන් සමුගත් ප්‍රේමරත්නයන් යලිදු අප අතරටම .......... ඔබට නිවන් සුව

    ReplyDelete
  2. මෙතන
    අග පද පෙල නැ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...