මට මුළු ලොවම ඔබයි - රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා | Mata Mulu Lowama Obai - Rookantha Gunathilaka, Chandraleka Perera


මට මුළු ලොවම ඔබයි..
මගෙ මුළු ලොවම ඔබයි
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි //

ඔබ ළඟ නැති විට හිරු සඳු මිලිනව
ලෝකය නවතිනවා
සුසුමක සිරවී හදවත නවතිනවා
සුසුමක සිරවී හදවත නවතිනවා

මට මුළු ලොවම ඔබයි..
මගෙ මුළු ලොවම ඔබයි
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි

ඔබ ලඟ නැතිවිට විකසිත වන ලොව
පිබිදී හිනැහෙනවා...
හදගැඹ සහසක් මල් යලි පිඹිදෙනවා...
හදගැඹ සහසක් මල් යලි පිඹිදෙනවා...

මට මුළු ලොවම ඔබයි..
මගෙ මුළු ලොවම ඔබයි
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි


ගායනය - රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කුලරත්න ආරියවංශ



වීඩියෝව ගත්තෙ මෙතනින් -  යුග යුග රැඳි යුග ගී

Comments