ඔබ රැවටුව හිත ඇතුලේ - ලක්ෂ්මන් හේවාවිතාරණ | Oba Rawatuwa Hitha Athule - Lakshman Hewawitharana - sinhala lyrics


ඔබ රැවටුව හිත ඇතුලේ
කකියාගෙන එන දුක නම්
තව නෑ කවුරුත් දන්නේ
විදවන හැටි මා තනියෙන්..

වෙන හිතක් දිහාවත් බලන්න බෑ මට
ඔබ විතරයි පැතුවේ..
හදවත ගැඹුරේ නැගෙන වේදනා
මං විතරයි දන්නේ...

නොලැබෙනා ඔබට මං තව තවත් පෙම් කලා..
හිතකින්ද කීවේ ඔයා මා ඔබේමයි කියා..
තේරුම් ගියාට පසු මගෙ සෙනෙහස මහමෙරක් කියා
ඔයා හඩයි සත්තකින් මං හැඬුවටත් වඩා..

ආදරේ ඔබට නම් නොතැවුනේ ඇයි ඉතින්..
මම තරම් වෙන කෙනෙක් ආදරේ නෑ ඉතින්
තේරුම් ගියාට පසු මගෙ සෙනෙහස මහමෙරක් කියා
ඔයා හඩයි සත්තකින් මං හැඩුවටත් වඩා..

ඔබ රැවටුව හිත ඇතුලේ...

ගායනය : ලක්ෂ්මන් හේවාවිතාරන
පද රචනය : සත්සර කසුන් පතිරණ
සංගීතය : සත්සර කසුන් පතිරණ


වීඩියෝව ගත්තෙ මෙතනින් - FM Derana


Comments