කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ - ධර්මරත්න සහෝදරයෝ | Kalakata Pera E Bethleheme - Dharmarathne Brothers - sinhala lyrics


කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධ වූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ
පුංචි ගව මඩුවේ //

උඳුවප් මාසේ සීතල දවසක
මැදියම් රෑ යාමේ
දෙව් මව් තුරුලේ උණුසුම ලබමින්
මේ ලෝකෙට ආවේ
සීත සුළං රැළි දසත හමද්දී
සැතපීලයි උන්නේ
දුප්පත් එ‍ඬේරු ‍මේ බව දැනගෙන
ගවලෙන වෙත යන්නේ

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධ වූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ
පුංචි ගව මඩුවේ

මරිය තුමීගේ පෙම්බර මුහුණේ
එළියක් දිස් වූයේ
‍ජුසේතුමා කිසි දාකත් නෑ
දෙවි අණකට ‍පිටුපෑවේ
වටපිට රොක් වී උම්බෑ ගාමින්
හරකුන් කෑ ගසතී
රජ තුන් කට්ටුව බිළිඳු ළඟ වැටී
පඬුරු ඔප්පු කරතී

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධ වූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ
පුංචි ගව මඩුවේ

මිනිස් සමාජය පාපෙන්
බේරා ගන්නට මෙහි ආවා
දිවැස්වරුන් බොහෝ කලකට පෙර
කී දේ ඉන් ඉටුවූවා

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධ වූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ
පුංචි ගව මඩුවේ


ගායනය - ධර්මරත්න සහෝදරයෝ
සංගීතය - ධර්මරත්න සහෝදරයෝ
ගී පද - මිල්රෝයි ධර්මරත්න



වීඩියෝව ගත්තෙ මෙතනින් - Nimal Bonifus

 

Comments

  1. මේ ලෝකෙ වැඩිම භාෂා ගණනකට පරිවර්ථනය වෙච්චි සින්දුවක්.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...