කඳුළු කතාවේ නිමක් දුටුව දා - ඩබ්ලිව් ඩී අමරදේව | Kadulu Kathawe Nimak Dutuwa da - W.D.Amaradewa - sinhala lyrics


කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුනු දා..//
සතුටු ගඟක් ගැලුවා..
හදට හදක් බැඳුනා...

ආසිරි චාමර පවන් සැලී..
සෝ දුක් සංකා සෙමින් වැකී..//
දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ..
අපේම ලොව අප තනිවූවේ..

කඳුළු කතාවේ...

සුසුමක පාකර හසුන් යවා..
දෙතැනක තනිවී හඬා දොඬා..//
ගෙවූ අතිතෙන් අප සමුගන්නෙමු..
අළුත් ලොවක රන් කිරුළු දරා..

කඳුළු කතාවේ...

ගායනය - ඩබ්ලිව් ඩී අමරදේව
සංගීතය - සනත් නන්දසිරි
ගී පද - බුද්ධදාස ගලප්පත්ති


වීඩියෝව ගත්තෙ මෙතනින් - Erandi Jayasinghe

Comments

  1. ගී පද - බුද්ධදාස ගලප්පත්ති

    ReplyDelete
  2. ගී පද - බුද්ධදාස ගලප්පත්ති

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...