හමුවන්න අයිති නැති මුත් - ෂාහිල් හිමාස | Hamu Wanna Aithi Nathi Muth - Shahil Himansa - sinhala lyrics


හමුවන්න අයිති නැතිමුත්
අපි හමුවුනා ලොවම රවටා
එක්වෙන්න හීන මැවුවත්
එක්වෙන්න බෑ අපට කිසිදා..
ආයේ නොයෙනා - දිනෙක මතුදා..
මට ලැබුනොතින් ඔයා...
පිළිගන්නවා පාවඩ එලා..

හද පතුලේ රැදුන මගේ ආදරේ සඟවාලා..
දෙතැන අපේ හිමි අරණේ කාටවත් නොපවසා..
ආයේ නොයෙනා - දිනෙක මතුදා..
මට ලැබුනොතින් ඔයා...
පිළිගන්නවා පාවඩ එලා..

මධු කුලයේ බඹරු ඔබේ ආදරේ පොරකාලා..
රැගෙන ඔබේ වටිනම දේ හැරගියත් ඉගිලිලා..
ආයේ නොයෙනා - දිනෙක මතුදා..
මට ලැබුනොතින් ඔයා...
පිළිගන්නවා පාවඩ එලා..

හමුවන්න අයිති නැතිමුත්...

ගායනය : ෂාහිල් හිමන්ස
පද රචනය : සජිත් වී චතුරංග
සංගීතය : චමත් සංගීත්


වීඩියෝව ගත්තෙ මෙතනින් - Nishan udayanga Dias


Comments