බඹරෙකු ආවයි නිරිත දිගේයා - ඩබ්ලිව්. ඩී. අමරදේව | Bambareku Awai Niritha Digeya - W.D.Amaradewa - sinhala lyrics


බඹරෙකු ආවයි නිරිත දිගේයා..
හද පෑරූවයි මියුරු රසේයා..
මල් පරවූවයි - සෝකෙන් බෝමා
කඳුළු ගැලූවයි දෙලෝ ගැඹේයා...//

සීත හිමේ ලෙනකට පිවිසුනාදෝ..
ඈත එපිට ගිරිකුලකට ගියාදෝ..//
මෑත මෙපිට මේ හදෙහිම ලගීදෝ..
දෑස අඳුරු වී මා තනි වුනාදෝ..

බඹරෙකු ආවයි...

සලමුදු සුවඳ පොඩි අත්තටු මියුරු සරින්
නලමුදු සුවඳ විඳගන්නට ගියත් වරෙන්..//
බල බිඳ දමා හිරු යනවිට අවරගිරෙන්
සලමින් පිපුණ මල් පැණි බොනු රිසිව වරෙන්..

බඹරෙකු ආවයි...

ගායනය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : මඩවල එස්. රත්නායක
සංගීතය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව


වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruchira Bandara


Comments

  1. වීඩියෝ එක වෙනස් වෙන්න ඕන නේද?
    https://www.youtube.com/watch?v=lcFnYZN0QkA

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...ඔන්න වෙනස් කලා..!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...