වරදක් කලත් සිතකින් නොවේ - සනත් නන්දසිරි | Waradak Kalath Sithakin Nowe - sinhala lyrics


වරදක් කලත් සිතකින් නොවේ
රිදවන්නෙ පලිගන්නේ ඇයි..
ඔබ මෙන් ඇයත් - ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගෙයි..//

ඔබෙ ගිනි නිවා ඇගේ සිත දවා
අප එක් වෙලා කුමටදෝ..//
වෙනසක් නොවේ මගෙ හිස් අතින්
පිසලන්නෙ කොයි කඳුල දෝ..

වරදක් කලත්...

අසරණ ඔබයි තනි වුනු ඇයයි
මට සාප කල යාවිදෝ..//
ඔබේ ලොකයෙන් ඇගෙ ලොකයෙන්
සමු ගන්න සිදු වේවිදෝ..

වරදක් කලත්...

ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි


වීඩියෝව ගත්තෙ මෙතනින් - lassanadasun

Comments