නෙතු පෙලා රවටලා - රෝහණ බෝගොඩ | Nethu Pela Rawatala - Rohana Bogoda - sinhala lyrics


නෙතු පෙලා රවටලා වේදනා වෙන්වෙලා..
දුරස් වෙලා නපුරු වෙලා හිරුත් සැඟවිලා..
රැය අඳුරට හැරලා හිත තවත් රිදවලා..
සඳු හෙමින් හෙමින් වළා පෙලින් මුව සඟවනවා..

මගෙ සිතුම් රැලෙන් හද දවටා මුව සිපගත්දා
ඇගෙ සිනා දැලෙන් මා වටලා මට ලංවූදා
අත් සල සලා අපි හිනැහුනා
මුළු ලොවම හිනැහුනා...///

නෙතු පෙලා රවටලා..

දුල් මිණි සඟලින් රැස් විහිදා මා සනසන දා
සල් සුණු සුවදින් ගත සරසා ලඟට වඩින දා
ලංවෙන තුරා හිටියත් බලා..
මා ලොවෙහි තනි වුනා...///

නෙතු පෙලා රවටලා..

ගායනය : රෝහණ බෝගොඩ
පද රචනය : රංජනී විතානගේ
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි



වීඩියෝව ගත්තෙ මෙතනින් - Dj Ara



Comments