මගේ සඳ ඔබ - නන්දා මාලනී | Mage Sanda Oba - Nanda Malani - sinhala lyrics


මගේ සඳ ඔබ - මගේ සඳ ඔබ
එදා සඳ නොව - මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ....

එදා මට ඔබ සරා සඳ විය..
කවි ඇසින් දුටු සොඳුරු පියකරු..
අඳුරු හද ගැබ එකලු කරමින්..
උදාවිය ගිරි ශිඛර සිරසේ...

මගේ සඳ ඔබ...

මෙදා මට ඔබ සැබෑ සඳමය..
විදු ඇසින් දුටු ලොවය විසකුරු..
ප්‍රාණයෙන් තොර වියලි සඳසේ..
ඔබද අදමා අසල ගැවසේ...

මගේ සඳ ඔබ...


ගායනය - නන්දා මාලනී
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - සුනිල් ආරියරත්න





වීඩියෝව ගත්තෙ මෙතනින් - Ranil Mudunkotuwa

Comments