මගෙ වෙලා ලඟ උන්නු ඔයා - ශිහාන් මිහිරංග | Mage Wela Laga Unnu Oya - Shihan Mihiranga - sinhala lyrics


මගේ වෙලා ලඟ උන්නු ඔයා..
මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා..
හිත අඬනවා තුන්යම නොනිදා..
මගෙ පන තාමත් ඔයා නිසා..

හුස්මෙ පවා ඉන්නෙ ඔයා..
නිතරම මට සිහිවෙනවා..
මැව්වෙ ඔයා මටම කියා..
හදවත තව පවසනවා..

සිතු පැතුමන් පොඩිකර දමලා..
යන්නට ගියාට ඈත්වෙලා..
හිතකින් ද මුළු ජීවිතේ..
මා ලඟම ඔබ සැනසුනේ..

පාළුවේ මා තනිවී..
ජීවිතේ විදවනවා..
වෙනසක් නෑ මගෙ ආදරේ..
ඔබෙ නමටයි මුළු ජීවිතේ..

හද ගැඹුරේ වේදනා ඇති..
මට විතරක් දුක උරුම ඇති..
බොරුවෙන් ද මගෙ ජීවිතේ..
ලං ලංව ඔබ රැවටුවේ..

පාළුවේ මා තනිවී..
ජීවිතේ විදවනවා..
වෙනසක් නෑ මගෙ ආදරේ..
ඔබෙ නමටයි මුළු ජීවිතේ..

මගේ වෙලා ලඟ...

ගායනය : ශිහාන් මිහිරංග
පද රචනය : සත්සර කසුන් පතිරණ
සංගීතය : විරාජ් පෙරේරා


වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music


Comments