මා ගැයූ මේ ගී - මර්වින් මිහිඳුකුල | Ma gayu me gee - Mervin Mihindukula - sinhala lyrics


මා ගැයූ මේ ගී
ඔබේ නාමයෙන්
ලොවම ඇසුවත්
මට පලක් නෑ
ඔබට නෑසේ නම් //

පෙර මගේ දුක් වේදනා
ඔබට පමණියි කීවෙ මා
මගේ සෙවණෙහි රැඳී නිසලව
අසා සිටි ළඳුනේ

මා ගැයූ මේ ගී
ඔබේ නාමයෙන්
ලොවම ඇසුවත්
මට පලක් නෑ
ඔබට නෑසේ නම්

ඔබෙන් හිමි වූ වේදනා
කියන්නට ඔබ නෑ මෙදා
ගීතයක් ලෙස පා කරන්නෙමි
සොයා ඔබ ළඳුනේ

මා ගැයූ මේ ගී
ඔබේ නාමයෙන්
ලොවම ඇසුවත්
මට පලක් නෑ
ඔබට නෑසේ නම් //


ගායනය - මර්වින් මිහිඳුකුල
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන





වීඩියෝව ගත්තෙ මෙතනින් - Janith Liyanage

Comments