දෛවයේ සරදමින් - අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව | Daiwaye Saradamin - Athula Adhikari, Samitha Mudunkotuwa


දෛවයේ සරදමින් - වෙන්වෙලා අපි අපෙන්..
බොහෝ කල් ගත වුනත් - ලං වෙන්න බෑ යලිත්..
හුරු පුරුදු තනිකමින් - හිත පෙඟිලා සත්තකින්..
වැරැද්දක් වුනා නම් - සමාවෙනව ද මගෙන්..
සමාවෙනව ද මගෙන්...

හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්
කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්..//
දැන උන්නා නම් - විදවන තරම්..
සමුගන්නෙ නෑ - මගෙ රත්තරන්..

මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්
හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්..//
දැන උන්නා නම් - විදවන තරම්..
සමුගන්නෙ නෑ - මගෙ රත්තරන්..

දෛවයේ සරදමින් - වෙන්වෙලා අපි අපෙන්..
බොහෝ කල් ගත වුනත් - ලං වෙන්න බෑ යලිත්..
හුරු පුරුදු තනිකමින් - හිත පෙඟිලා සත්තකින්..
වැරැද්දක් වුනා නම් - සමාවෙනව ද මගෙන්..
සමාවෙන්න ද මගෙන්...

ගායනය : අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව
තනුව - රදීෂ් වැන්දබෝනා
පද - සජිත් වී. චතුරංග




වීඩියෝව ගත්තෙ මෙතනින් - Live Musical Shows in Sri Lanka


Comments