දුරස් වන්නට මේ ලෙසින් - දයාරත්න රණතුංග | Duras Wannata Me Lesin - Dayarathne Ranathunga


දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමුවුනේ..
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ...//

අත්වැල් බැඳගෙන මං මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද...//
පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
ඔබ හිනැහුන ඒ කාලය මතකද...

දුරස් වන්නට මේ ලෙසින්...

අනාගතේ ගැන අහස් මාළිඟා
අප දෙන්නා මැවූ කාලය මතකද...//
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලඟින් උන් කාලය මතකද...

ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : ආචාර්ය දයාරත්න රණතුංග


වීඩියෝව ගත්තෙ මෙතනින් - mahakalu sinhalaya

Comments