බොල් වී අහුරු - ඩබ්ලිව් ඩී අමරදේව | Bol Vee Ahuru - W D Amaradewa - sinhala lyrics


බොල්වී අහුරු වෙල් හුලඟේ ගිය සේම..
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම..

දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ..
රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ..
මල්වර වී නුඹ ඉද හිට දුටු වේලේ..
බැරිවුනි කියාගන්නට හිත බැදි ආලේ..

බොල් වී අහුරු...

නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ..
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ..
පිටගම් ගොහින් මා අමතක වුනත් නගේ..
අතමිට සරුව නුඹ යහතින් ඉදින් නගේ..

ගායනය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
සංගීතය : සරත් දසනායක
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ 



වීඩියෝව ගත්තෙ මෙතනින් - Suneth Channaka

Comments

  1. සංගීත අධ්‍යක්ෂණය සරත් දසනායක මහතා ලෙස නිවැරදි විය යුතුයි.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...