බඹර පැටික්කා - සමිතා මුදුන්කොටුව, ඉරාජ්, බීකේ | Bambara patikka - Samitha Mudunkotuwa, Iraj, BK - sinhala lyrics


හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා

හොඳට මත්වුණ බඹර පැටික්කා
නුඹට මල් පැණි මදිවද මන්දා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා
හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා

හඳපානේ
නටන්න බැරි එක දුකයි තමා
සුදු මූණේ
ඉඹින්න බැරි තොල් තෙතයි තමා
මම කී දේ
ඇගෙන් නොලත් දේ ඔබෙන් එපා
හැර යන්නේ
ඇගෙ හිත හොඳටම පළුදු වෙලා

මට නටන්න බැරි එක දුකයි තමයි
මගෙ කෙල්ල දැක්කොත් මගෙ ඔළුවම කයි
ඒත් මොනවද කරන්නෙ ඔයයි මමයි
මට පොඩ්ඩක් හයි වගේ දැණෙනවමයි

හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා

එනවානේ
තුරුල් වෙන්නෙ පපුවටයි ඔයා
යනවානේ
බලාගන්න මම වැටෙයි මෙයා
සැනසෙන්නේ
මධුවිත තොලගා තුරුළු වෙලා
නැලවෙන්නේ
හදාගන්න හිත තියෙන නිසා

දැන්නම් අනෙ මට ගොඩක්ම හයි
මට ඩබල් වෙලා අනෙ පෙනෙන්නෙ ඇයි
මගෙ යාළුවෙ සෙට්එක තාමත් බොයි
දැන් කාර්එක නම් මට ඩ්‍රයිව් කරන්න වෙයි

හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා


ගායනය - සමිතා මුදුන්කොටුව, ඉරාජ්, බීකේ




වීඩියෝව ගත්තෙ මෙතනින් - MEntertainmentsPL

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...