රුදුරු තුරු වඳුලේ - සුනිල් එදිරිසිංහ | Ruduru Thuru Wadule - Sunil Edirisinghe - sinhala lyrics


රුදුරු තුරු වඳුලේ..
තියුණු කටු අතරේ..
දිලෙන සියුමැලියේ..
ඔබයි ජීවන සුවඳ දෙන්නේ
රෝස කුසුම මගේ..
රෝස කුසුම මගේ..

මහදේ රන් සුඹුකේ ඔබ තබනා..
නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා..
සුවඳ විදිමින් ඉදිමි සැමදා
දෑස වැසෙන තුරා..
දෑස වැසෙන තුරා..

රුදුරු තුරු වඳුලේ...

මිහිරී රූ සිරි - මිහිරී ජනනියේ..
සිත සැනසේ ඔබ දසුනේ..
මුදුමතී මුදුමතී..
සිත සැනසේ ඔබ දසුනින්..

රුදුරු තුරු වඳුලේ...

ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : මහාචාර්ය කාලෝ ෆොන්සේකා
සංගීතය : රෝහණ වීරසිංහ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruchira Bandara

චන්ද්‍ර කින්නර ජාතකේ - කරුණාරත්න දිවුල්ගනේ | Chandra kinnara jathake - Karunarathna Divulgane - sinhala lyrics

චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
නුඹ පෙම් බැඳන් මට ළං වුණා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් හිඳ වෙන් වුණා

ගෙට එන්න පෙර කළ කී කතා
උඩුගම් බලා ගියෙදෝ මෙදා //
විස හී සරේ පපුවට හෙලා
නුඹ නාටකේ වෙනසක් කළා

චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
නුඹ පෙම් බැඳන් මට ළං වුණා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් හිඳ වෙන් වුණා

අත දරුවො ගෙන මහගිරි දඹේ
තනිවම නගින්නද පෙම් කළේ //
කළු කාසියට හදවත් වැසේ
නුඹ සොයනවද බරණැස් පුරේ

චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
නුඹ පෙම් බැඳන් මට ළං වුණා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් හිඳ වෙන් වුණා


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - උබේනන්ද දිසානායක




වීඩියෝව ගත්තෙ මෙතනින් - Roshan Manjula

චන්ද්‍රමඬුළු යට සුරංගනාවන් - නන්දා මාලිනී | Chandramandulu yata suranganawan - Nanda Malini - sinhala lyrics

චන්ද්‍රමඬුළු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ

රන් තැටියට කිරි පැණි පුරවාගෙන
හඳහාමී දූ බලන්න එනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
හඳහාමී කෙලෙසද මෙහි එන්නේ

කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියාලූ
ගඟට උඩින් කිරි කොක්කු ගියාලූ
දුවේ එපා ඒ කතා අහන්නට
මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ

දූ අල්ලන්නට හැන්දෑ යාමේ
මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු
ධීර දුවේ මා බිය නොම වන්නේ
සිහළ ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ

චන්ද්‍රමඬුළු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ


ගායනය, සංගීතය - නන්දා මාලිනී
ගී පද - මහින්ද අල්ගම




වීඩියෝව ගත්තෙ මෙතනින් - Ranil Mudunkotuwa

දුරස් වන්නට මේ ලෙසින් - දයාරත්න රණතුංග | Duras Wannata Me Lesin - Dayarathne Ranathunga

දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමුවුනේ..
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ...//

අත්වැල් බැඳගෙන මං මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද...//
පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
ඔබ හිනැහුන ඒ කාලය මතකද...

දුරස් වන්නට මේ ලෙසින්...

අනාගතේ ගැන අහස් මාළිඟා
අප දෙන්නා මැවූ කාලය මතකද...//
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලඟින් උන් කාලය මතකද...

ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : ආචාර්ය දයාරත්න රණතුංග


වීඩියෝව ගත්තෙ මෙතනින් - mahakalu sinhalaya

දුක තද කරන් - සේනානායක වේරලියද්ද ‍| Duka thada karan - Senanayaka Weraliyadda - sinhala lyrics

දුක තද කරන් මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්
අපි හමු වුනත් ඉඳහිට යළිත්
එක් වෙන්න බෑ කවදාකවත්
නිතර වැටෙනා කඳුළට ඉතින්
කතා කරගන්න පුලුවන් නම්
කියයි හඬගා ලොවට මතු දා
ඔබට මම ආදරේ කියලා

දුක තද කරන් මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්

විටෙක ළං වෙලා විටෙක වෙන් වෙලා
ගෙවෙන අපේ ආදරේ
කෙළවරක් සොයා තවම තැවෙනවා
මැරී මැරී ජීවිතේ
කොහොම පිළිගන්නේ මම නම්
ඔබේ දෑත අහිමියි කියා

දුක තද කරන් මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්

නොනිද රෑ පුරා දෙතැනකට වෙලා
හිමි අපේ ඉරණමේ
දැනෙන වේදනා වචනයෙන් කියාගන්න
බෑ පණ මගේ
නොදක හිනැහෙන්නේ කොහොමැයි
කියා දෙන්න ඇවිදින් සොයා

දුක තද කරන් මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්
අපි හමු වුනත් ඉඳහිට යළිත්
එක් වෙන්න බෑ කවදාකවත්
නිතර වැටෙනා කඳුළට ඉතින්
කතා කරගන්න පුලුවන් නම්
කියයි හඬගා ලොවට මතු දා
ඔබට මම ආදරේ කියලා

දුක තද කරන් මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්

ගායනය - සේනානායක වේරලියද්ද
සංගීතය - කේෂාන් පෙරේරා
ගී පද - සජිත් වී. චතුරංග




වීඩියෝව ගත්තෙ මෙතනින් - ElaIdea

ගඟට කපන ඉණි - සුනිල් එදිරිසිංහ | Gangata Kapana Ini - Sunil Edirisinghe - sinhala lyrics


ගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති
සැපට වැඩුණු කය පොළොවට දිරා යති
අපට නොවේ බඹුටත් මරු ලඟාවෙති
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති

මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම
ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම
ගඟේ මහිම නැතිවෙයි දිය හිඳුනාම
දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම

කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම

කන බොන කෑම තනියම වලඳන්න එපා
අසරණ කෙනෙක් ආ විට එලවන්න එපා
අනුවණකමින් පව් සිදුකරගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා ///

ගායනය : සුනිල් එදිරිසිංහ


වීඩියෝව ගත්තෙ මෙතනින් - sudasingha

පෙම් සිහිනේ සිත සැනසූ - ප්‍රදීප් රංගන | Pem Sihine Sitha Sanasu - Pradeep Rangana - sinhala lyrics


ආදරයේ පාවෙන හැඟුමක්
ජීවිතයක් සෙව්වා..//
පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
මිරිඟුවක් තනිකමක් විතරමයි...

පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී..
ඔබ මාගේ.. සිත රැවටූ මායාවී...//

මා ළඟින් ලංවෙලා - ඔබ එදා කී කතා..
මගෙ දිළිඳු ලෝකෙ මාළිඟාවක් කළා..
ඒ තැනූ මාළිඟා - සුන්වෙලා ගිය දිනේ..
අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ කියා..

පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී..
ඔබ මාගේ.. සිත රැවටූ මායාවී...//

වස්සානයේ තනිවෙලා - තුරුළු වී උණුසුමේ..
දෑඟිල්ලේ පැටලී උන් සැඳෑව සුන්දරයි..
නුඹ මගේ හැම භවේ - දිව්රලා සෙනෙහසින්..
කී කතාව මාගෙ ලෝකෙ තනිවෙලා ගියා..

පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී..
ඔබ මාගේ.. සිත රැවටූ මායාවී...//

ගායනය : වෛද්‍ය ප්‍රදීප් රංගන
පද රචනය : වෛද්‍ය ප්‍රදීප් රංගන
සංගීතය : වෛද්‍ය ප්‍රදීප් රංගන


වීඩියෝව ගත්තෙ මෙතනින් - EvolutionfilmsLK

මේ හිත තනියෙන් - ආත්මා ලියනගේ | Me Hitha Thaniyen - Athma Liyanage - sinhala lyrics



මේ හිත තනියෙන්..
නුඹ එනකන්..
හිටිය තරම්..
නෑ මං දන්නා..
වෙන කවුරුත් - නුඹව තරම්..
ආදරයෙන්...එදා ඉදන්..

කඳුලක් ලඟ නැවතුන ඇහිපිය
දුරකට යවමින්..
හුස්මත් මට අමතක කරනා
මතකය හොයමින්..
ආයේ හීනේ මැද්දෙන්
ජීවිතේ අලුතෙන් ලියන තරම්..

වරුවක් ළඟ මුමුණන ඔය හිත
මගෙමද හිතමින්..
තනියක් නැති දවසක් එනකන්
තව මඟ බලමින්..
ආයේ හීනේ මැද්දෙන්
ආදරේ අමුණා තියෙන තරම්

මේ...හිත තනියෙන්

ගායනය : ආත්මා ලියනගේ
පද රචනය : රඛිත වාකිෂ්ඨ
සංගීතය : තිලිණ රුහුණගේ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music

ඔබ නෑසූ කතාවක් කියන්නම් ළඳේ - රෝයි පීරිස් | Oba nesu kathawak kiyannam lande - Roy Peiris - sinhala lyrics

ඔබ නෑසූ කතාවක් කියන්නම් ළඳේ
අසා ඉන්න දෙසවන් යොමා
රෑ සීනෙන් වගේ දුටුව දසුනක්ය ඒ
බලා ඉන්න දෙනුවන් අයා //

මගේ සිත ගත් ළඳේ
පුන් පෝදා හඳෙන්
රුව අරගත් ඔබ
මට කියන්න කවුරුදෝ ඔයා //

කළුවර අහසේ
ලස්සන සඳ සේ
යාවෙමු රහසේ
නිරතුරු පැතු සේ

ඔබ නෑසූ කතාවක් කියන්නම් ළඳේ
අසා ඉන්න දෙසවන් යොමා
රෑ සීනෙන් වගේ දුටුව දසුනක්ය ඒ
බලා ඉන්න දෙනුවන් අයා

දිගු දෙනුවන් සරා
මුව හසරැල් පුරා
මට ආදරෙයිද
ඔබ කියන්න කාටවත් හොරා //

ආයෙත් හමු වී
දළු මල මම වී
රේණුව ඔබ වී
ඉමු අපි සැඟවී

ඔබ නෑසූ කතාවක් කියන්නම් ළඳේ
අසා ඉන්න දෙසවන් යොමා
රෑ සීනෙන් වගේ දුටුව දසුනක්ය ඒ
බලා ඉන්න දෙනුවන් අයා //


ගායනය - රෝයි පීරිස්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Thanuja Dhananjaya

නෞකා එලි නිවෙනා රෑ - රූකාන්ත ගුණතිලක | Nawka eli niwena re - Rookantha Gunathilaka - sinhala lyrics

නෞකා එලි නිවෙනා රෑ
මුහුදේ රළ කැළඹෙන රෑ
තනි වී ක්ෂිතිජය අඳුරේ
හිඳිනා පිළිරුව මම දෝ

සුසුමෙහි සුළඟට සැලි සැලි හිත වෙවුලා
මම ඉකි බිඳිනෙමි ගිනිසිළු පද අවුලා
සිවුසිය ගව් දුර ගොඩ බිම කොතැනක හෝ
පෙම් සිරි යහනක ඔබ ඇත දනිමි අහෝ

නෞකා එලි නිවෙනා රෑ
මුහුදේ රළ කැළඹෙන රෑ
තනි වී ක්ෂිතිජය අඳුරේ
හිඳිනා පිළිරුව මම දෝ

නැව් බඳ දෙදරා යලි යලි හැපෙන රළේ
අසරණ නැවියෙකු වැලපී ඇසෙන නදේ
ඔබ නැති ලොව මට කඳුලක ඉන්න කියා
මැදියම් කළුවර සඳු අර යන්න ගියා

නෞකා එලි නිවෙනා රෑ
මුහුදේ රළ කැළඹෙන රෑ
තනි වී ක්ෂිතිජය අඳුරේ
හිඳිනා පිළිරුව මම දෝ


ගායනය, සංගීතය - රූකාන්ත ගුණතිලක




වීඩියෝව ගත්තෙ මෙතනින් - Achala Saman

සඳකඩපහනක - සුනිල් එදිරිසිංහ | Sandakada Pahanaka - Sunil Edirisinghe - sinhala lyrics


සඳකඩපහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී..
කැලැතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ..

යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතුවෙද්දී..
නොපෙනෙන ඈතක ඈගෙන යනවා
සියුමැලි කැකුලක් මැලවෙද්දී..//

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බින්දූ..
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දූ..

අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහුවුණු වැහි බින්දූ..
ඈගෙන යද්දී නටඹුන් අතරෙක
තවෙකෙක් ඈවෙත හද රැන්දු..//

සඳකඩපහනක....

හදවිල ඉපැදුන කැකුළක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා..
මිහිලිය තෙත්කොට ගිලිහුනු කදුලක්
සත්සමුදුරකට මුහුව ගියා..

ඔබට උරුම වූ රිදුනු තැවුනු හද
එක්ටැම් මැදුරක කවුළු අරා..
රුවන් විමානෙන් පියඹා එන තුරු
පොපියන හදවත සිටී බලා..//
සිටී බලා...

ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : වොලී නානායක්කාර
සංගීතය : වික්ටර් රත්නායක

“මාතර ආච්චි (1973)“ චිත්‍රපටයෙන්


වීඩියෝව ගත්තෙ මෙතනින් - LankaMusicTube

මිහිරිම වසන්තය - චම්පා කල්හාරි, ජානක වික්‍රමසිංහ | Mihirima Wasanthaya - Champa Kalhari, Janaka Wickramasinghe - sinhala lyrics





මිහිරිම වසන්තය අරන් - භග සඳ එබී කවුළුවෙන්..
දස්කොන් සකිසඳුනේ ඇයිද පමාවා..
නිදිගත් කොවුලිදුට හොරෙන් - සීතල සඳ එලිය යටින්..
සක්මන් මළුව සොයාගෙන මම ආවා..

සඳ වතුරෙන් පිරිලා නිල්දිය තිලක මණ්ඩපේ..
මුව මේ පිරී තිරේ වැව්තෙර කුමුදු මල් සැලේ
වාසල මිලි බැදි දොර නිහඬව නිදන වෙලාවේ..
සෙංකඩගලට ඇවිත් මහ රෑ මධුර වසන්තේ..

මිහිරිම වසන්තය...

බෝගම්බරින් එපිට හඬනා රෑ කුරුල්ලනේ..
ඔබටයි මඟුල් මඩුව හැදුවේ සකිසදුන් මගේ..
කන්දෙන් ඈත රටක හිරුදෙව් නිදන යාමයේ..
ඉක්මන් ගමන් මොටද දේවිය ලඟ හිදින රැයේ..

මිහිරිම වසන්තය...

ගායනය : චම්පා කල්හාරී, ජානක වික්‍රමසිංහ


වීඩියෝව ගත්තෙ මෙතනින් - nuwan Jayasena

ප්‍රේමයේ නිජ බිමේ - ඩබ්ලිව්.ඩී. අමරදේව | Premaye nija bime - WD Amaradewa - sinhala lyrics

ප්‍රේමයේ නිජ බිමේ
සැරිසරා සොයන්නේ
බිඳී ගිය ස්නේහයේ
අසුන්දර සුන්බුන්ද

භ්‍රාණ වී සුසුම්ලන
ආදරේ සොහොන් කොත්
යෝධ සුදු කුළුණු මැද
පාළු වී ගිලී ඇත

යෞවනය උදා කල
ප්‍රේමයේ නාමයෙන්
ඔබේ හද ඉකි බිඳියි
ජීවිතේ ඇති තුරා

ප්‍රේමයේ නිජ බිමේ
සැරිසරා සොයන්නේ
බිඳී ගිය ස්නේහයේ
අසුන්දර සුන්බුන්ද


ගායනය - ඩබ්ලිව්.ඩී. අමරදේව
සංගීතය - නන්දා මාලිනී
ගී පද - සුනිල් ආරියරත්න




වීඩියෝව ගත්තෙ මෙතනින් - Dinura Pradeep Balasooriya

එදා වාගේ අදත් - සෝමතිලක ජයමහ | Eda Wage Adath - Somathilaka Jayamaha - sinhala lyrics

එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා..
මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියනවා..
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා..
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා..

දුක පිරුණු මගේ හිත නුඹ හොදට දන්නවා..
හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා..
නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා..
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...

අනාගත වාලුකා කතර මැද තනිවෙලා..
කෙසේ පා ඔසවමිද සා පවස විද දරා..
පුර පසෙක නොවී නුඹ අව පසෙක සඳ වුනා..
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා..

එදා වාගේ අදත්...

ගායනය : සෝමතිලක ජයමහ



වීඩියෝව ගත්තෙ මෙතනින් - Dilina Weerawardana

නිර්මලා - ගුණදාස කපුගේ, නිරංජලා සරෝජිනී | Nirmala - Gunadasa Kapuge, Niranjala Sarojini - sinhala lyrics



නිර්මලා ලොන්ඩරිය හිමි සළු
වඩන මැණිකේ නිර්මලා..
මල් හිනා නුඹෙ තැවරිලා කිරි
ඉද්ද මල්වැට පීදිලා..

කුල ගෙවල් සැරසිලි කළත් අපි
සළු වඩා පාවඩ එලා..
නිර්මලා නිර්මල නැතැයි මා
ඔබෙ ලොවින් පිටමන් කළා..

පන්තියේ මිතුරන් එදා කළ
විහිළුවෙන් හිත රිදුනු දා..
මා හෙළුෑ කඳුළක් මගේ දින
පොතක තිබිලා හමුවුනා..

යුධ වැදී නෑ සියන් බළමුළු
අපේ ලොව ගිනි වැදුනු දා..
මා හෙළුෑ කදුලින් තෙමූ සළු
පිළි තවම නෑ වේලිලා..

දොවා ලන්නට බැරි පිළී ගඳ
කහට කුලමල තවරලා..
මගෙ ඇදුම් ඔබෙ අතට දෙන එක
දරන්නට බෑ නිර්මලා..

එදා සෙනෙහස නොකිලිටිව ඔබෙ
හිත පුරා පවතින නිසා..
හිමිනැතත් මට හුරු සුවඳ ඒ
ඇඳුම් අතරේ තියනවා..

නිර්මලා...

ගායනය : ගුණදාස කපුගේ, නිරන්ජලා සරෝජිනී
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ


වීඩියෝව ගත්තෙ මෙතනින් -  AudiXvi

හැමදේම වෙන්නෙ හොදටයි - සුනිල් පෙරේරා (ජිප්සීස්) | Hamadema Wenne Hodatai - Sunil Perera (Gypsis) - sinhala lyrics

හැමදේම වෙන්නෙ හොදටයි
හැමදේම වෙන්නෙ අපටයි
දුක්වෙන්නෙපා ලතැවෙන්නෙපා
හැමදේම වෙන්නෙ හොදටයි...//

ක්ලාක් කෙනෙක් ලෙස කොම්පැනියක මම
රස්සාවක් කෙරුවා..
කොම්පැනි ලොක්කා කේලම් අහලා
මාව දොට්ට දැම්මා..
ජොබ් එක ගහල ගියා යන එනමං නැතිව ගියා..
ඔහොම ඉන්නකොට බිරිදගේ කීමට
පොඩි කඩයක් ඇරියා..
ටික ටික දියුණු වුනා සැප සම්පත් හැම ලැබුනා..
එදා ජොබ් එකෙන් මාව අස් කලේ
හොදටයි මට හිතුනා..
මගේ හොදටයි මට හිතුනා...

හැමදේම වෙන්නෙ...//

හිතන පතන හැමදේම ඒ ලෙසින් බෑ ඉටුකරගන්න..
නොසිතූ දේ සිදුවුනත් ජීවිතේ ඉවසීමෙන් ඉන්න..
කළබල වෙන්න එපා - කිසිවිට බිය වන්න එපා
එන හැමදේටම ආත්ම ශතක්තිය ඇතිව මුහුණ දෙන්න..

හදවතට සවන් දෙන්න - ඒ අනුව වැඩකරන්න..
හොදදේ කෙරුවොත් විපතක් සැපතට
පෙරලෙනවා ඔන්න..
ඒ බව දැනගෙන ඉන්න...

හැමදේම වෙන්නෙ...//

ගායනය : සුනිල් පෙරේරා (ජිප්සීස්)


 වීඩියෝව ගත්තෙ මෙතනින් - BAILA KING


හොඳ සිරියාවයි ආකාසේ - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක | Honda siriyawai akase - HR Jothipala, Anjaleen Goonathilaka - sinhala lyrics


හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ //

අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... //


පෙම් සුව විඳිනු වගේ
ප්‍රීතියක් ඇත්තෙ නෑ
මයි ඩාලිං මාගෙයි දැන්
මෝරලා එයි සෙනේ //


රැල්ලයි වෙරළයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ

අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... //

දෑතට දෑත තියන්
සිටින් මෙසේ ළංවෙලා
මට සුවදේ ඔබ ළඟනේ
දෙන්නකෝ පෙම් රසේ //

රැල්ලයි වෙරළයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ

අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... ///


ගායනය - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
ගී පද - සිරිල් ඒ. සීලවිමල
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
ෆ්ලොරිඩා ජයලත්ගේ ‘ස්වීප් ටිකට්‘ චිත්‍රපටියෙන්


මුල් ගීතය මෙතනින්

බඹර පැටික්කා - සමිතා මුදුන්කොටුව, ඉරාජ්, බීකේ | Bambara patikka - Samitha Mudunkotuwa, Iraj, BK - sinhala lyrics

හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා

හොඳට මත්වුණ බඹර පැටික්කා
නුඹට මල් පැණි මදිවද මන්දා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා
හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා

හඳපානේ
නටන්න බැරි එක දුකයි තමා
සුදු මූණේ
ඉඹින්න බැරි තොල් තෙතයි තමා
මම කී දේ
ඇගෙන් නොලත් දේ ඔබෙන් එපා
හැර යන්නේ
ඇගෙ හිත හොඳටම පළුදු වෙලා

මට නටන්න බැරි එක දුකයි තමයි
මගෙ කෙල්ල දැක්කොත් මගෙ ඔළුවම කයි
ඒත් මොනවද කරන්නෙ ඔයයි මමයි
මට පොඩ්ඩක් හයි වගේ දැණෙනවමයි

හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා

එනවානේ
තුරුල් වෙන්නෙ පපුවටයි ඔයා
යනවානේ
බලාගන්න මම වැටෙයි මෙයා
සැනසෙන්නේ
මධුවිත තොලගා තුරුළු වෙලා
නැලවෙන්නේ
හදාගන්න හිත තියෙන නිසා

දැන්නම් අනෙ මට ගොඩක්ම හයි
මට ඩබල් වෙලා අනෙ පෙනෙන්නෙ ඇයි
මගෙ යාළුවෙ සෙට්එක තාමත් බොයි
දැන් කාර්එක නම් මට ඩ්‍රයිව් කරන්න වෙයි

හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා


ගායනය - සමිතා මුදුන්කොටුව, ඉරාජ්, බීකේ




වීඩියෝව ගත්තෙ මෙතනින් - MEntertainmentsPL

මගෙ කඳුලින් නිමාවූ - එඩ්වඩ් ජයකොඩි | Mage Kadulin Nimawu - Edward Jayakodi - sinhala lyrics

මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ..
ඔහු සමඟින් ඔබ මන්දහාසේ යන ගමනේ..
මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා...

වාසනාවන් අහිමි පෙම්වතියේ..
නිමල පෙම් වේදනාවෙන්..
නිහඬ වූ වේදනාවෙන්..
අහිංසක මා හෙලන සුසුම්
ඔබට පවනක් වේවා...

මගේ කඳුලින් නිමා වූ...

පාළුකුටියේ මා අරාජිත වී
නිදා නොනිදා හිදින රෑ..
සිහිනයෙන් හෝ පෙනේවා..
ඔබේ සෙනෙහේ නිවුනු පහන්..
නොනිමි පහනක් වීලා..

මගේ කඳුලින් නිමා වූ...

ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ



වීඩියෝව ගත්තෙ මෙතනින් - Gayan Rathnayaka


අවදිවන්න අවදිවන්න - සී.ටී. ප්‍රනාන්දු | Awadiwanna Awadiwanna - C.T.Fernando - sinhala lyrics


අවදිවන්න අවදිවන්න
දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
සිතනවාට වඩා සොදුරු
විනෝද බර ලෝකෙක අපි
ජීවත්වන්නේ .......

සුසුම් හෙලන කලට දුක් වෙලා
ඔබත් සමග කව්ද අඩන්නේ
ටිකක් සතුටු වන්න සැනසිල
දහසක් ඒ ලෙස හිනැහෙන්නේ

බලනු මැනවි කුරුළු කැදැල්ලේ
සතුට සැපත රස ඉතිරෙන්නේ..//
එහෙම ඉදිමු සිත සැනසිල්ලේ
දුකිනි මිනිස් කම ලබන්නේ ...

අවදිවන්න අවදිවන්න..

දුක සපදෙක පෙරලි පෙරලි යයි
යන කාලය නැත නවතින්නේ..//
ඊයේ වගේද අද ටිකක් සුබයි
අදට වඩා හෙට හොද වෙන්නේ....

අවදිවන්න අවදිවන්න...

ගායනය : සිරිල් ටියුඩර් ප්‍රනාන්දු (සී.ටී.ප්‍රනාන්දු)



වීඩියෝව ගත්තෙ මෙතනින් - Samith Perera

රන් කෙන්දෙන් බැඳ - නන්දා මාලනී | Ran Kenden Bada - Nanda Malani - sinhala lyrics

රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි..
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි..//

කිරිලියසේ දුර පියා සලාලා
අත්තටු රිඳුනා පමණයි..
දෑල විදාහල දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි..
හිරු සඳු එකවර දෙපස නැගේ..
කළුවර ඇයි විජිතයම මගේ..

රන් කෙන්දෙන්..

කනාටු සුළඟේ දුහුල් මලකි අද
වල්මත් වී පාවෙන්නේ..
ඔබගෙන් දෝ - ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ...///

ගායනය : නන්දා මාලිනී
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : සරත් දසනායක
“දුහුල් මලක් (1976)“ චිත්‍රපටයේ ගීතයක්


වීඩියෝව ගත්තෙ මෙතනින් - Dr196903

සාගරය බදු වේදනාවෝ - සේනානායක වෙරලියද්ද - Sagaraya Badu - Senanayake Weraliyadda - sinhala lyrics

සාගරය බදු වේදනාවෝ
සුන් වෙලා යනවෝ .....
ජීවිතය ගෙන වන්දනාවක
යන්න අපි යනවෝ ......//

පෙරුම් පුරනා බෝ සතුන්ටත්
මාර සෙන් සිටියෝ .....
ඉතින් එහෙනම් අපට නැති වේද
රුදුරු බදාවෝ ....
පැමිණි දුක් කද පැණි රසක් බව
බෝ සතුන් සිතුවෝ ....
ඉතින් එහෙනම් අපිත් ඉවසමු
දුක්ක ගංගාවෝ .......

සාගරය බදු...

එදා කදුලැල් මෙදා හසරැල්
පැතුම් ඉටුවෙනවෝ ....
පැතුම් හොදනම් යනෙන ගමනේදී
සිහින එලිවෙන්නෝ ...
මිනිස් ලොවකට ලබන්නට බැරි
ජයක් කොතැනකදෝ ....
මිනිස් කම් මත දිවි ගෙවයි නම්
ඔවුන් ජය ලැබුවෝ ......

සාගරය බදු...

ගායනය : සේනානායක වෙරලියද්ද


වීඩියෝව ගත්තෙ මෙතනින් - Live Musical Shows in Sri Lanka



ලක්වැසියන් කෙරෙහි නැමී - සුනිල් එදිරිසිංහ | Lakwasiyan Kerehi Nami - Sunil Edirisinghe - sinhala lyrics


ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් මම පොවමි එමී
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය ‍රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

මෙබඳු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
මේ ගැන වැඩ කොලොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියැවේ
ඉටු කොට කල යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන්නම්
නුඹයි මගේ පුතා උතුම්

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකොලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ
මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරිකොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්

කාටත් හිමි පොදුදේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩගෙන දස්කම්
පෑම තමයි සුරුවිරු කම්
උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

ගායනය :සුනිල් එදිරිසිංහ
පද රචනය : ටිබෙට් ජාතික එස් මහින්ද හිමි
සංගීතය : රෝහණ වීරසිංහ


වීඩියෝව ගත්තෙ මෙතනින් - LankaMusicTube

පෙමාතුර හැඟුම් - සනත් නන්දසිරි | Pemathura Hangum - Sanath Nandasiri - sinhala lyrics


පෙමාතුර හැඟුම් - ඇගේ නෙත් කැළුම්
හද සංතානේ සදා සරණා අයාචනා සුසුම්..
නුරාගික පැතුම් - පිපාසිත සිතුම්
මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්..

නියාළුව හදින් - පියා නෙතුපියන්..
යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්..
මුදා නිදි දැහැන් - එබී ලෙන් දොරින්..
අරාජික පරාදීසය සොයා එමි සිතින්..

පෙමාතුර හැඟුම්...

අරා සිරි යහන් - නිදා වැතිරෙමින්..
සරා සළෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්..
සුරා මල් පැණින් - පොඟා යුග ලවන්..
පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්..

පෙමාතුර හැඟුම්...

ගායනය : සනත් නන්දසිරි
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : සනත් නන්දසිරි



වීඩියෝව ගත්තෙ මෙතනින් - Periwinklelk(ApArnA)

පුංචි පුතේ පුංචි දුවේ - මොහිදින් බෙග් | Punchi Puthe Punchi Duwe - Mohidin Beg - sinhala lyrics


පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු සිරිලක් දිවේ..
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු සිරිලක් දිවේ..
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ..
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ..
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු සිරිලක් දිවේ..//

සෙංකඩගල නගරය මැද සිරිදළදා මංදිරේ..
රන්වැලි සෑ සිරිමහ බෝ බැබළේ අනුරාපුරේ..//
මේ රට මුතු ඇටයකි සොඳ ඉන්දිය මහ සාගරේ
ඉන්දිය මහ සාගරේ...

පුංචි පුතේ පුංචි දුවේ...

රන් සමනළ මස්තකයෙහි සම්බුදු සිරිපා දිලේ..
සිංහල අත් දස්කම් පෑ සුන්දර සීගිරි ගලේ..//
වටිනාකම රකිනා ඔබ නමට වදී තුන්හෙලේ
නමට වදී තුන්හෙලේ...

පුංචි පුතේ පුංචි දුවේ...

ගායනය : කලාශූරී මොහිදින් බෙග්


වීඩියෝව ගත්තෙ මෙතනින් - Sindu Ahamu

රෑ දුරු රට මේ - ඩබ්ලිව් ඩී අමරදේව | Ra Duru Rata Me - W D Amaradewa - sinhala lyrics


රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ
මූදු සතකින් ඈත දේසේ
මා තනිවේ

කල්පනා ලෝ පෙම් දැහැනේ
සිතිජ නිම්නයේ
ඈ තනි යහනේ

රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ

දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ

රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ

ගායනය - ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස



වීඩියෝව ගත්තෙ මෙතනින් - Periwinklelk(ApArnA)

කිරුළ මුතු ලිහී - ජානක වික්‍රමසිංහ | Kirula muthu lihi sara sara handin - Janaka Wickramasinghe - sinhala lyrcs

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා

දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා

රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
නළල් පට මාල හත් පට සින්න වී ඇති
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා


ගායනය - ජානක වික්‍රමසිංහ
සංගීතය - එච්.එම්.ජයවර්ධන
පද - රත්න ශ්‍රී විජේසිංහ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Pavithra Somadasa

දුක වැඩි නෙතේ - රුවන් හෙට්ටිආරච්චි | Duka Wadi Nethe - Ruwan Hettiarachchi - sinhala lyrics

දුක වැඩි නෙතේ කඳුලැලි පිරේ
ඔබ නැති මොහොතේ..
සැනසුම මගේ ඔබගෙන ගියේ
ඇයි හොර රහසේ..
කවදාවත් නෑ අපි හමුවන්නේ..
මට යන්නට බෑ මතකෙන් ඔබගේ..

දිවිය මගේ තිබෙන තුරා..
පෙම් කෙරුවේ ඔබට තමා...//
යන්තම්වත් සෙනෙහේ නැතිවද දැනුනේ
තවමත් මතකයි දිවුරා මගෙ බව කීවා..
දිවුරා මගෙ බව කීවා...

පියවි ලොවේ ඉන්න සදා..
හුරු කෙරුවේ ඔබම තමා...//
සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ..
හිතකින් වත් නෑ ඔබහට සරදම් කරලා..
ඔබහට සරදම් කරලා..

දුක වැඩි නෙතේ..

ගායනය : රුවන් හෙට්ටිආරච්චි
පද රචනය : සජිත් චතුරංග
සංගීතය : රදීෂ් වැන්දබෝනා


වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV


උපන් බිමට කිසිදා - විජය කුමාරතුංග, මාලනී බුලත්සිංහල | Upan Bimata Kisida - Vijaya Kumarathunga, Malani Bulathsinhala - sinhala lyrics

උපන් බිමට කිසිදා ගරහන්න එපා
උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා

වැදූ මවයි මිහිකතයි.. සමයි සිතාපන්නේ...
පියා නුඹේ නුඹ රටයි කියා සිතාපන්නේ...
ඉරේ සඳේ ගහ කොලේ උදාර වූ මහ කැලේ
මිනිස් අපේ උපතේ මුලයි සිතාපන්නේ

උපන් බිමට...

අහස් කුසට වැඩෙනා ගසක් බලාපන්නේ...
මවක් ලෙසට කරුණා ගුණය පතුරුවන්නේ
පොරෝ තලේ ටැක්ටරේ යොමා බිම හෙලන්නේ
මවක් ලෙසන් සැලකූ ගසයි සිතාපන්නේ...

උපන් බිමට...

ගායනය - විජය කුමාරතුංග සමග මාලිනී බුලත්සිංහල


වීඩියෝව ගත්තෙ මෙතනින් - maasithgathgee

බොල් වී අහුරු - ඩබ්ලිව් ඩී අමරදේව | Bol Vee Ahuru - W D Amaradewa - sinhala lyrics

බොල්වී අහුරු වෙල් හුලඟේ ගිය සේම..
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම..

දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ..
රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ..
මල්වර වී නුඹ ඉද හිට දුටු වේලේ..
බැරිවුනි කියාගන්නට හිත බැදි ආලේ..

බොල් වී අහුරු...

නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ..
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ..
පිටගම් ගොහින් මා අමතක වුනත් නගේ..
අතමිට සරුව නුඹ යහතින් ඉදින් නගේ..

ගායනය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
සංගීතය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ 



වීඩියෝව ගත්තෙ මෙතනින් - Suneth Channaka

Related Posts Plugin for WordPress, Blogger...