මාවතේ අපි යයි කියා - ක්ලැරන්ස් විජේවර්ධන | Mawathe api yai kiya - Clarance Wijewardena - sinhala lyrics


මාවතේ අපි යයි කියා
අපේ ජීවිතේ අතරමං කලා
මාවතේ අපේ ජීවිතේ
දහවලේ සිහිනයක් කලා
මරදානේ පැරණි සිනමාහලේ
නාමයෙන් අපව
ඈත ඈත ඈත ඈත
ලොවකට කොන් කලා
ගී ගයා
රැඟුමන් රඟා
ලොවට පෙන්නලා

මාවතේ ගෙවුනු ජීවිතේ
මිය නෑ ගියේ තනිව හාමතේ
කණ්ණාඩි දාපු නිළධාරියන්
නිළධාරියන්
පාට පාට සළු අන්දලා
වේදිකාව මත නංවලා
රූපවාහිනියේ පෙන්නලා
අපව පෙන්නලා

මාවතේ අපි යයි කියා
අපේ ජීවිතේ අතරමං කලා
මාවතේ අපේ ජීවිතේ
දහවලේ සිහිනයක් කලා
මරදානේ පැරණි සිනමාහලේ
නාමයෙන් අපව
ඈත ඈත ඈත ඈත
ලොවකට කොන් කලා
ගී ගයා
රැඟුමන් රඟා
ලොවට පෙන්නලා

මාවතේ යැදුව යාතිකා
වේදිකාව මත ගීතිකා
සංගීතකාරයන් ගෙන්නලා
අපව පෙන්නලා
දැන් ඉතිං කොහිද ජීවිතේ
නෑ තැනක් අපට මාවතේ
නිලධාරියන්ගෙ චාටූ කතා
චාටූ කතා

මාවතේ අපි යයි කියා
අපේ ජීවිතේ අතරමං කලා
මාවතේ අපේ ජීවිතේ
දහවලේ සිහිනයක් කලා
මරදානේ පැරණි සිනමාහලේ
නාමයෙන් අපව
ඈත ඈත ඈත ඈත
ලොවකට කොන් කලා
ගී ගයා
රැඟුමන් රඟා
ලොවට පෙන්නලා


ගායනය, සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන




වීඩියෝව ගත්තෙ මෙතනින් - Wasantha Opanayaka

Comments

  1. අගේ ඇති සින්දුවක්. ක්ලැරන්ස් ප්‍රේමදස එක්ක සෘජුවම ගේම ඉල්ලපු අවස්ථාව.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...