කියන්න කියන්න - නදීක ජයවර්ධන | Kiyanna kiyanna - Nadeeka Jayawardena - sinhala lyrics


කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ
කියන්න කියන්න
ඇති සැම දේ රිසි සේ

හද පුරා ආදරේ
ඔබටයි ඉඩ හදවතේ
දිස්වෙයි මුතුවන් සිනා
දෙනුවන් යුග ළඟ මගේ
මන්මත් සිත පුරා
කැළඹෙයි වේදනා හැඟුම්
නොදැනී ඒ ඇසිල්ලේ
කියවෙයි ඔබෙ නම හොරෙන්

කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ

නිදිවරා ජීවිතේ
මා ගෙතූ ගීතයේ
දැවටෙයි ඔබ කී වදන්
දෙසවන් යුග ළඟ මගේ
සුදුවන් පිටු පුරා
බිහිවෙයි ගී ඔබේ නමින්
නොසිතා ඒ පිටු කොනේ
ලියැවෙයී ඔබෙ නම හොරෙන්

කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ
කියන්න කියන්න
ඇති සැම දේ රිසි සේ //


ගායනය - නදීක ජයවර්ධන
සංගීතය - රංග දසනායක



වීඩියෝව ගත්තෙ මෙතනින් - Nirudaka Netthasinghe

Comments